Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

ජූලි 2017
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
ඔබ මෙතනයි : ආයතන නිදහස් චතුරශ්‍රය

නිදහස් චතුරශ්‍රය

භූමියේ වර්ගඵලය හෙක්ටයාර් 0.9859
නිදහස් මන්දිරයේ බිම් මහලේ වර්ග ප්‍රමාණය වර්ග අඩි 10, 000
ගොඩනැගිල්ල ඉදිකිරීමට මුල්ගල තැබීම 1949. 02. 04
නිදහස් කෞතුකාගාරය විවෘත කිරීම 2008. 02. 03

1948 වර්ෂයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු එම නිදහස දිනාගැනීම නිමිත්තෙන්, දෙස් විදෙස් ජනතාවගේ ඇගයීමට පාත්‍ර වන අයුරින් ශ්‍රී ලංකාවේ දීර්ඝ සහ ආකර්ශනීය ඉතිහාසය සංකේතවත් කෙරෙන අනුස්මරණ ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමට එවකට පැවති රජය තීරණය කර ඇත. ඒ අනුව මහනුවර මගුල් මඩුවේ ආකෘතියට සමාන, තෙදවත් පෙනුමැති ගොඩනැගිල්ලක් සැලසුම් කරන ලදී. එහි ඇතුලත පාර්ලිමේන්තුවේ හා සෙනෙට් සභාවේ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් සියල්ලට එකවර රැස්වීමට හැකි 224 දෙනෙක් සඳහා ආසන පහසුකම් සැලසිය හැකි ඉඩකඩද, විවෘත භූමියේ 25000 ක් සඳහා ආසන පහසුකම් සහ ලක්ෂයක් ජනතාවට රැස්ව සිටීමේ ඉඩකඩද සහිතව මෙම ගොඩනැගිල්ල ජාතියේ ප්‍රෞඩත්වය සංකේතවත් කරන ආකාරයට ඉදිකිර ඇත. මුල් කාලයේ වාර්ෂිකව නිදහස් අනුස්මරණ උත්සවය මෙහි පැවැත්වීම එහි මූලික අරමුණ වී ඇත. විජයාවතරණයේ සිට මේ දක්වා ලංකා ඉතිහාසයේ විවිධ සිද්ධින් පිළිබඳ චිත්‍ර ද ඇතුලත් මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපේ පැරණි සංස්කෘතියේ සම්පූර්ණ පිළිබිඹුවක් වේ.

මෙවන් වූ ජාතික සම්පතක් ආරක්ෂා කර ගැනීම අපසතු පරම යුතුකමක් වන්නේය. 1983 අප්‍රේල් මස 20 වන දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව නිදහස් මන්දිර ගොඩනැගිල්ල සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට පවරාදී ඇත. නිදහස් සමරු ගොඩනැගිල්ලේ ගෞරවය ආරක්ෂා වන අයුරින් අවට පරිසරය වැඩිදියුණු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත. නිදහස් මන්දිර ගොඩනැගිල්ල සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට පැවරූ දින සිට මේ දක්වා නිදහස් මන්දිරයේ හා ඒ අවට භූමියේ සියලු නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසිනි. මුළු මහත් ලෝකයේම ගෞරවාදයට පාත්‍රවන ජාතික ස්මාරකයක් වන නිදහස් මන්දිරය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් දිනපතා මෙම ස්ථානයට ඇදී එයි.

නිදහස් මන්දිරයය වෙන් කරවා ගැනීම

අවසන් යාවත්කාලීන කිරීම ( 2016 ජූලි 13 වෙනි බදාදා, 07:19 )