Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

සැප්තැම්බර් 2017
බ්‍ර සි සෙ
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
ඔබ මෙතනයි : ආයතන මහාවංස සම්පාදන කාර්යාලය

මහාවංස සම්පාදන කාර්යාලය

කිසියම් රටක ඓතිහාසික තොරතුරු එක් රැස් කර තැබීම එම රටෙහි අනන්‍යතාව සුරක්ෂිත කර තැබීමකි. මෙම කටයුත්ත දේශීය වශයෙන් පමණක් නොව අන්තරජාතික වශයෙන් ද වැදගත් කමක් ගනී. මේ අනුව මහාවංශ සම්පාදන කාර්යාවලියේ වටිනාකම වටහාගත් සංස්කෘතික හා කලා කටයුතු ගරු අමාත්‍ය ටී. බී. ඒකනායක මැතිතුමාගේ උපදෙස් පරිදි ශ‍්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය අඛන්ඩව ලියා තැබීම සදහා මහාවංසය 6 වන කොටස රචනා කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව උක්ත කාර්යය වඩා විධිමත් කරනු උදෙසා බත්තරමුල්ල, සෙත්සිරිපායේ 08 වන මහලෙහි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේ පිහිටුවන ලද මහාවංස සම්පාදක කාර්යාලය අමාත්‍යාංශ ලේකම් විමල් රූබසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2011.02.25 වන දින විවෘත කරන ලදී.

මෙම මහාවංස කාර්යාලය මගින් ශ‍්‍රී ලංකාවේ දැනට පවතින අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, අර්ධ සංස්ථා, හා අමාත්‍යාංශ ගත නොවන දෙපාර්තමේන්තු හා ආයතනයවලින් අදාල තොරතුරු ලබාගැනීම දැන් ආරම්භ කර ඇති අතර මහාවංස - 6 කොටසින් 1978 සිට 2010 වර්ෂය දක්වා කාලය තුළ ශ‍්‍රී ලංකාවේ සිදු වූ සියළු සිදුවීම් වාර්තාගත කිරීමට කටයුතු යොදා තිබේ. මෙහිදී දේශපාලනයික, ආගමික, සාමාජයික, අධ්‍යාපනික, ආර්ථික, සංස්කෘතික, පරිසර හා විද්‍යාව තාක්ෂණික යන ක්ෂේත‍්‍ර මූලික කරගෙන අදාල රචනා කරනු ලැබේ.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලයේ සිට මානුෂිය මෙහයුම අවසානය සහ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා දෙවන වර දිවුරුම් දීම දක්වා වූ කාලය එනම් 1978 සිට 2010 වර්ෂය දක්වා මහාවංස සම්පාදන සිදු කෙරේ.

  • ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමය (1978-1989)
  • ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ පාලන සමය සහ ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයාගේ පාලන සමය (1989-1994)
  • චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ පාලන සමය (1994-2005)
  • මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය (2005-2010)

මහාවංස - 6 සම්පාදනය කිරීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් මහාවංස සම්පාදක මණ්ඩලයක් පත් කර ඇත.

 

නම තනතුර
මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා. මහාවංස සම්පාදක මණ්ඩලයේ සභාපති.
මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය. මහාවංස සම්පාදක මණ්ඩලයේ ලේකම්.

ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, පුරාවිද්‍යා චක‍්‍රවර්තී,

පූජ්‍ය එල්ලාවල මේධානන්ද නාහිමි.

මහාවංස සම්පාදක මණ්ඩලයේ සාමාජික

සිංහල ශබ්දකෝෂයේ හිටපු ප‍්‍රධාන කර්තෘ, ආචාර්ය,

පූජ්‍ය අකුරටියේ නන්ද නාහිමි.

මහාවංස සම්පාදක මණ්ඩලයේ සාමාජික

සිංහල ශබ්දකෝෂයේ ප‍්‍රධාන කර්තෘ, මහාචාර්ය,

අනන්ද අබේසිරිවර්ධන මහතා

මහාවංස සම්පාදක මණ්ඩලයේ සාමාජික

සිංහල විශ්වකෝෂයේ ප‍්‍රධාන කර්තෘ, මහාචාර්ය,

කේ. එන්.  ඕ. ධර්මදාස මහතා.

මහාවංස සම්පාදක මණ්ඩලයේ සාමාජික

මහාචාර්ය රත්න විජේතුංග මහතා.

මහාවංස සම්පාදක මණ්ඩලයේ සාමාජික

මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතා.

මහාවංස සම්පාදක මණ්ඩලයේ සාමාජික

ආචාර්ය එච්. ඒ. පී. අබේවර්ධන මහතා.

මහාවංස සම්පාදක මණ්ඩලයේ සාමාජික
මහාචාර්ය සමන් චන්‍ද්‍ර රණසිංහ මහතා මහාවංස සම්පාදක මණ්ඩලයේ සාමාජික

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ඩබ්ලිව්. එම්. අමරදාස මහතා.

මහාවංස සම්පාදක මණ්ඩලයේ සාමාජික

මහාචාර්ය, රත්නසිරි අරංගල මහතා.

මහාවංස සම්පාදක මණ්ඩලයේ සාමාජික
ආචාර්ය ඞී. පී. එස්. චන්‍ද්‍ර කුමාර මහතා. මහාවංස සම්පාදක මණ්ඩලයේ සාමාජික

මේජර් ජනරාල්, උතුරු නගෙනහිර හිටපු ආඥපති,

ඒ. එම්. යූ. සෙනෙවිරත්න මහතා.
මහාවංස සම්පාදක මණ්ඩලයේ සාමාජික
ආචාර්ය ගොඞ්වින් කොඩිතුවක්කු මහතා. මහාවංස සම්පාදක මණ්ඩලයේ සාමාජික

 

මහාවංස - 6 සම්බන්ධීකාරක වශයෙන් සංවර්ධන නිලධාරි ඉනේෂ් සම්පත් කැටිපේආරච්චි මහතා කටයුතු කරයි.

මහාවංස VI කාණ්ඩයේ පළමුවෙනි වෙළුමෙහි සම්පාදන කටයුතු අවසන් කිරීම සහ එළිදැක්වීම 2016 මුල් කාර්තුවේදී සිදු කිරීමට අපේක්‍ෂා කෙරෙන අතර දෙවෙනි වෙළුම මෙම වර්ෂයේ දෙසැම්බර් මාසයේ එළිදැක්වීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.

අවසන් යාවත්කාලීන කිරීම ( 2016 මැයි 02 වෙනි සදුදා, 09:38 )