Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

ජූලි 2017
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
ඔබ මෙතනයි : පැන විසඳුම්

නිතර ඇසෙන පැන

  • අදාල වර්ෂයේ දෙසැම්බර 15 වන දිනට වයස අවු. 60 සම්පූර්ණ වූ කලාකරුවකු වීම මූලික සුදුසුකමකි.
  • සෑම වර්ෂයකම මුල් තෙමස තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ඉල්ලුම්පත් කැඳවීම පිළිබදව ජනතාව දැනුවත් කෙරෙන අතර ඊට අමතරව දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සංස්කෘතික අංශය මගින් කලාකරුවන් දැන්වත් කෙරේ.
  • අදාල අයදුම්පත සම්පූර්ණ කර කලා කුසලතා පිළිබද ලබා ඇති සම්මාන හා සහතික සමග හැදුනුම්පතේ හා උප්පැන්න සහතිකයේ පිටපත් වල ප්‍රාදේශීය ලේකම් ගේ සහතිකය හා නිර්දේශය සමග සංසකෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ගෙනවිත් බාරදිය හැකිය. නැතහොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදිය හැකිය.
  • කලාභූෂණ සම්මාන අයදුම් කළ හැකි කලා ‍ක්ෂේත්‍ර නාට්‍ය, ලේඛක, චිත්‍ර, මූර්ති, කැටයම්, ලාක්ෂා, රූකඩ, රංගන, නර්තන, සංගීත, කවි, ගායක ගායිකා, චිත්‍රපට හා ටෙලිනාට්‍ය, බයිලා කලාකරුවන්, අංගම්පොර, මැජික්, බෙරවාදකයින්, ජනමාධ්‍ය, වෙනත් ජන කලාකරුවන් සහ පාරම්පරිකව හෝ වෘත්තීයමය වශයෙන් එම ක්ෂේත්‍රයේ වසර 10 කට වඩා වැඩි කාලයක් නියලී සිටි කලාකරුවන්.

  • ලේඛකයන්ට ආධාර කිරීම සදහා ඔවුන්ගේ පොත් මිළට ගැනීමේ වැඩ සටහනකි.
  • මෙම වැඩ සටහන යටතේ ආධාර ලබාගැනීමට කැමති ලේඛකයින් ඒ සදහා ඉල්ලුම්පත සම්පූර්ණ කර අදාල කෘතිය සමග බාරදිය යුතුයි.
  • වර්ෂය පුරාම මෙය ක්‍රියාත්මක වැඩ සටහනකි.
  • පොත් මිළදී ගැනීම හා මිළදී ගනු ලබන ප්‍රමාණය තීර්ණය කරනු ලබන්නේ පත්කර ඇති ග්‍රන්ථ සමීක්ෂණ මණ්ඩලය මගිනි.
  • පළමු මුද්‍රණයේ ග්‍රන්ථ පමණක් මිලදී ගැනීම සිදු කරනු ලබන අතර දුරලභ හෝ වි‍ෙශ්ෂිත ග්‍රන්ථ දෙවන මුද්‍රණය ද මිලදී ගැනීම සදහා සලකා බැලේ.

  • කලා ක්ෂෙත්‍රයේ නියලී සිටි, ස්ථිර ආදායමක් හෝ විශ්‍රාම වැටුප් නොලබන වයස අවු. 60 ඉක්ම වූ කලාකරුවන්ට මෙම ආධාර ලබාගත හැකිය.
  • ඒ සඳහා තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අයදුම්පත් ලබා‍ගත යුතු අතර ප්‍රාදේශීය ලේකම් ගේ නිර්දේශය සමග සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට එවීමේන් මෙම ආධාර ලබාගත හැකිය.
  • මෙය වර්ෂය පුරාම ක්‍රියාත්මක වැඩ සටහනකි.

  • රාජ්‍ය නර්තන උළෙලට අයදුම්පත් කැඳවීම පිළිබඳව පුවත්පත් දැන්වීම් මගින් දන්වනු ලබන අතර එම දැන්වීම් වලට අනුව අයදුම්පත් හා චක්‍ර ලේඛනය ලබාගෙන ඉල්ලීම් කළ හැකිය
  • තරග වට තුනකි 1. දිස්ත්‍රික් 2. පළාත් 3. ජාතික
  • සම්මාන ප්‍රදානෝත්සවය වර්ෂ අවසානයේ සිදුකෙරේ.
  • මේ සඳහා ලියාපදිංචි කලායතන, සංස්කෘතික මධ්‍යස්ථාන, පාසැල් හා වෙනත් කලා සංගම් වලට ඉදිරිපත් විය හැකිය.

  • අයදුම්පත් ලබා ගැනීම ජනවාරි සිට මාර්තු දක්වා සිදු කරනු ලැබේ. අයදුම්පත් කැඳවීම පිළිබඳව පුවත්පත් දැන්වීම් මගින් දන්වනු ලබන අතර එම දැන්වීම් වලට අනුව අයදුම්පත් පුරවා නාට්‍ය පිටපතක් හා සාරාංශ පිටපත් තුනක් සමග ඉදිරිපත් කළ යුතුය.
  • රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ වසරේ සිට පැවැත්වේ
  • තරග වට තුනකි.
  • තරගය සදහා විවෘත හා සීමිත අංශවලින් ඉදිරිපත්විය හැකිය. සීමිත අංශයට පාසැල්, ගැනෙන අතර විවෘත අංශයට ඕනෑම අයෙකුට ඉදිරිපත් විය හැකිය.
  • සම්මාන ප්‍රදානෝත්සවය වර්ෂ අවසානයේ සිදුකෙරේ.

මෙහි ප්‍රධානතම කාර්යභාරය වන්නේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කටයුතු කිරිමයි. එම අරමුණ යටතේ වාර්ෂිකව වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරේ.

  • රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්විම.
  • දිවයිනේ විවධ පළාත්වල සාහිත්‍ය දේශන පැවැත්වීම මගින් සාහිත්‍ය රසවින්දනයක් පාසැල් දරුවන්ට හා ජනතාව ට ලබාදීම.
  • සාහිත්‍ය වැඩමුළු මගින් කෙටිකතා, නවකතා, ගීත හා පද්‍ය පිළිබඳ ජනතා රසඥතාව වර්ධන කිරීම.
  • සාහිත්‍ය සගරාව සංස්කරණය කර මුද්‍රණය කිරීම.

  • අයදුම්පත් කැඳවීම සෑම වර්ෂයකම ජනවාරි සිට මාර්තු දක්වා සිදු කරනු ලැබේ. අයදුම්පත් කැදවීම පිළිබඳව පුවත්පත් දැන්වීම් මගින් දන්වනු ලබන අතර එම දැන්වීම් වලට අනුව අයදුම්පත් පුරවා නාට්‍ය පිටපත හා ඉල්ලනු ලබන අනිකුත් ලියවිලි සමග ඉදිරිපත් කළ යුතුය.
  • ජාතික නාට්‍ය උළෙල සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පැවැත්වේ.
  • ජාතික නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත්විය හැක්කේ අදාල වර්ෂයට පෙර වර්ෂයේ ජනවාරි 01 සිට දෙසැම්බර් 31 වන දින දක්වා නිෂ්පාදනය කර මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ ස්වතන්ත්‍ර, පර්වර්තන හා අනුවර්තන නාට්‍ය වලට පමණි.
  • සම්මාන ප්‍රදානෝත්සවය වර්ෂ අවසානයේ සිදුකෙරේ.

  • අයදුම්පත් කැඳවීම සෑම වර්ෂයකම ජනවාරි සිට මාර්තු දක්වා සිදු කරනු ලැබේ. අයදුම්පත් කැඳවීම පිළිබඳව පුවත්පත් දැන්වීම් මගින් දන්වනු ලබන අතර එම දැන්වීම් වලට අනුව අයදුම්පත් පුරවා නාට්‍ය පිටපත් සමග ඉදිරිපත් කළ හැකිය.
  • රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල සිංහල හා දෙමළ මාධ්‍යයෙන් මේ වසරේ සිට පැවැත්වේ.
  • නාට්‍ය පිටපතක් හා සාරංශ පිටපත් තුනක් සමග අයදුම්පත ඉදිරිපත් කළ යුතුය.
  • තරගය සදහා ඕනෑම අයෙකුට ඉදිරිපත් විය හැකිය.
  • සම්මාන ප්‍රදානෝත්සවය වර්ෂ අවසානයේ සිදුකෙරේ

  • සෑම වර්ෂයකම දෙසැම්බර් 31 වන දිනට පෙර විකාශය වී අවසන් වූ රූපවාහිනී නිර්මාණ ඊට පසු වසරේ සම්මාන උළෙල සදහා ඉදිරිපත් කළ හැකිය.
  • අයදුම්පත් කැඳවීම පිළිඳව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් දැන්වත් කෙරේ.
  • ඉල්ලුම්පත සමග රූපවාහිනී නිර්මාණ ඇතුලත් ඩී.වී.ඩී. හෝ වී.එච්.එස්. පට ඉදිරිපත් කළ යුතුය.
  • රූපවාහිනී සම්මාන උළෙලේ දී විකාශය නොවූ ආධුනික රූපවාහිනී කෙටි ච්ත්‍රපට සදහාද සම්මාන පිරිනැමේ.
  • සියලුම රූපවාහිනී නිර්මාණ බාරදිය යුත්තේ එම රුපවාහිනී ආයතනයේ නිත්‍යානුකූල හිමිකරුවන්ගේ සහතිකය සමගයි.