Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

ජූලි 2017
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
ඔබ මෙතනයි : අංශ සාහිත්‍ය හා ප්‍රකාශන අංශය

සාහිත්‍ය හා ප්‍රකාශන අංශය

සංස්කෘතික හා කලා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රධාන කාර්යාලය කේන්ද්‍රය ස්ථානය වශයෙන් පවත්වා ගනිමින් කටයුතු සාහිත්‍ය හා ප්‍රකාශන කටයුතු මෙහෙයවනු ලැබේ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරනු ලබන සියලුම ග්‍රන්ථ මුද්‍රණය හා ප්‍රකාශනය මෙම අංශයේ ප්‍රධානතම කාර්යය වේ. ඊට අමතරව ප්‍රාදේශීය/ දිස්ත්‍රික්/ පළාත් තරග හා සාහිත්‍ය උත්සව සංවිධානය කිරීම, ලේඛකාධාර ක්‍රමය ක්‍රියාත්මක කිරීම මෙම අංශයේ කාර්යභාරය වෙයි.

මෙම අංශය මගින් පහත සදහන් සේවාවන් ක්‍රියාත්මක කරනු ලැබේ.

සිංහල ශබ්දකෝෂ, සිංහල විශ්වකෝෂ හා සංස්කෘතික වටිනාකමක් ඇති වෙනත් කෘති මුද්‍රණ

ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කම පිළිබඳවත්, ස්භාවික සෞන්දර්යය හා දේශගුණික වැදගත්කම පිළිබඳවත් දේශීය හා විදේශීය ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යනු ලබයි.

මහාවංසය

1956 - 2010 දක්වා ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික සමාජ/ දේශපාලන/ ආර්ථික/ සංස්කෘතික තොරතුරු නිවැරිදිව ලේඛණගත කිරීම මහාවංශය සම්පාදනයේ මුලික අරමුණ වේ.

2010 වන විට මහාවංශයේ 5 වන කොටස මුද්‍රණය කර අවසන්කර ඇති අතර 2011මැයි හාසයේ සිට  මහාවංශයේ 6 වන කොටස ලිවීම ආරම්භ කර ඇත.

මහාවංස ගීතය III, IV, V

ක්‍රි.පූ 6 වන ශත වර්ෂයේ සිට අවසානය දක්වා ශ්‍රී ලංකාවේ ඓතිහාසික තොරතුරු කාව්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම මෙහි අරමුණ වේ.

මේ වන විට මහාවංස ගීතය III , IV , V මුද්‍රණය අවසන් වෙමින් පවතී.

ප්‍රාදේශීය / දිස්ත්‍රික් / පළාත් හා ජාතික සාහිත්‍ය තරග හා උත්සව

ජනතාව තුළ සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කිරීම, ප්‍රාදේශීය සාහිත්‍ය කරුවන්ගේ කලා කරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා එළි දක්වා ඔවුන් ඇගයීම, ළමා සහ තරුණ පරපුරෙහි සාහිත්‍ය කලා රුචිකත්වය වර්ධනය කර ඔවුන් නිර්මාණකරණයට යොමු කිරීම . පොත්පත් පරිශීලනය සහ අධ්‍යනයට යොමු කිරීම තුළින් කියවීමේ රුචිය වර්ධනය කිරීම, පොදුවේ යහපත් සමාජයක් ගොඩ නැගීම සඳහා සාහිත්‍ය කලාව උපයෝගී කර ගැනීම අරමුණු කරගෙන මෙම වැඩසටහන පවත්වාගෙන යනු ලබයි.

මෙහි මූලික සංවිධාන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඇති සංස්කෘතික නිලධාරින්/ සංස්කෘතික සංවර්ධන සහකාරවරුන් විසින් ඉටු කරනු ලබන අතර තරගයට ඇතුල් වීමේ අයදුම්පත්‍ර තමන් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වෙතින් ලබා ගත හැකිය. ප්‍රාදේශීය මට්ටමින් ජයග්‍රහණය කරන ජයග්‍රාහකයින් දිස්ත්‍රික් මට්ටමේ තරගයටද දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රාහකයින් පළාත් මට්ටමේ තරගයටද පළාත් ජයග්‍රාහකයින් ජාතික මට්ටමේ තරගයටද ඇතුලත් වේ. මේ සෑම අවස්ථාවකදීම ඔවුන් ඇගයීමට ලක් කර වටිනා සහතික පතක් හා ත්‍යාග (පොත්) පිරිනමනු ලබයි. ජාතික මට්ටමේදී මුදල් ත්‍යාගයක්ද පිරීනමනු ලබයි.

ජාතික සාහිත්‍ය තරඟාවලිය

අත් පිටපත් තරගය

නවක ලේඛකයින් දිරිමත් කිරීමේ අරමුණින් යුතුව රාජ්‍ය සාහිත්‍ය උත්සවයට සමගාමීව වර්ෂිකව උසස් ප්‍රමිතියකින් යුත් නව කතා, කෙටි කතා, පද්‍ය සංග්‍රහ, ළමා නවකතා, කෙටිකතා, විද්‍යා ප්‍රබන්ධ, නාට්‍ය රචනා, පද්‍ය සංග්‍රහ, සහ චිත්‍ර කතා රාජ්‍ය මට්ටමින් ප්‍රකාශයට පත් කරයි. මෙම තරගය විවෘත අත්පිටපත් තරගය හා ශිෂ්‍ය අත්පිටපත් තරගය යනුවෙන් තරග අංශ දෙකක් යටතේ පැවැත්වේ.

ශිෂ්‍ය අත්පිටපත් තරගය

ශ්‍රී ලාංකික ශිෂ්‍ය පරපුරෙහි නිර්මාණාක්මක හැකියාව වර්ධනය කිරීම, ලිවීමට කියවීමට යොමු වූ සාහිත්‍ය රස වින්දනයෙන් හෙබි ශිෂ්‍ය පරපුරක් බිහි කිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම සහ ඔවුන්ගේ නිර්මාණ කලා හැකියාව රාජ්‍ය සංවිධාන මට්ටමින් ඇගයීමට ලක් කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ වේ. පුවත්පත් දැන්වීම් මගින් මෙම තරගය පිළිබඳ ජනතාව දැනුවත් කෙරේ.

විවෘත අත්පිටපත් තරගය

මෙම තරගය සිංහල, දෙමළ , ඉංග්‍රීසි, මාධ්‍ය 3 න්ම පැවැත්වෙන අතර උසස් ප්‍රමිතියකින් යුතු සාහිත්‍ය නිර්මාණ රාජ්‍ය සංවිධානය යටතේ ඇගයීමට ලක් කිරීම හා එම ක්ෂේත්‍රයන්හි නිරත ආධුනික ලේඛකයින් දිරිමත් කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ වේ. පුවත්පත් දැන්වීම් මගින් මෙම තරගය පිළිබඳ ජනතාව දැනුවත් කෙරේ.

ලේඛකාධාර ක්‍රමය

නවක ලේඛකයින් දිරීමත් කිරීම සඳහා ඔවුන්ගේ මුද්‍රිත ග්‍රන්ථ මිලදී ගැනීම සහ එම පොත් කට්ටල නොමිලේ පුස්තකාල සඳහා බෙදා හැරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන අයදුම් පත්‍රය සම්පූර්ණ කර අදාල පොතේ පිටපතක් සමඟ දෙපාර්තමේන්තුවට භාර දිය යුතු අතර එම පොත් සමීක්ෂණ මණ්ඩලක් වෙත ඉදිරිපත් කර ඔවුන් තීරණය කරනු ලබන වටිනාකමක් ඇති පොත් 20% ක වට්ටමක් මත මිලදී ගනු ලබයි. මිලදී ගනු ලබන පොත් ප්‍රමාණය තීරණය කරනු ලබන්නේද සමීක්ෂණ මණ්ඩලය මගිනි.

අයදුම්පත හා විස්තර

අවසන් යාවත්කාලීන කිරීම ( 2015 මැයි 06 වෙනි බදාදා, 08:24 )