Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

මැයි 2017
බ්‍ර සි සෙ
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
ඔබ මෙතනයි : ව්‍යාපෘති ජාතික කලාභවන

ජාතික කලාභවනේ චිත්‍ර සංරක්ෂණය ව්‍යාපෘතිය

අරමුණ

ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙවර වඩාත් සාර්ථක හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කලාකරුවන්ගේ අති විශිෂ්ට පැරණි සිතුවම් සංරක්ෂණය කිරීම මෙහි අරමුණ වේ. ජාතික කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශනාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති සිතුවම් හා ප්‍රදර්ශනය සඳහා ඉඩ පහසුකම් නොමැතිවීම මත ගබඩා කර ඇති වටිනා සිතුවම් කාලයාගේ ඇවෑමෙන් විනාශ වීමේ තර්ජනයකට මුහුණ පෑමට ඉඩ ඇත.

මෙම සිතුවම් නිර්මාණය කරන ලද සමහර සිත්තරුන් මේ වන විට මියගොස් හෝ විදේශගත වී ඇත. සමහරෙක් බොහෝ වයෝවෘද්ධ ශිල්පීහු වෙති. මොවුන් රටට දායාද කළ මිල කල නොහැකි දායාදයන් රැකගනිමින් අනාගත පරපුරේ ප්‍රයෝජනය පිණිස ආරක්ෂා කර තැබීමේ මහඟු වැඩ පිළිවෙලට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනු ලබයි.

වැදගත්කම

ශ්‍රී ලංකාව ‍ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන රටකි. මෙම ප්‍රෞඩත්වය ලෝකයාට විදහා දැක්විය හැකි ප්‍රධාන මාධ්‍යක් ලෙස සිතුවම් භාවිත කළ හැක. ජාතියක ඉතිහාසය, කලාව, සංස්කෘතිය යන සෑම අංගයක්ම ප්‍රකාශ කරන ප්‍රබල කලා මාධ්‍යක් ලෙස සිතුවම් හැඳින්විය හැක. රටක අනන්‍යතාවය පෙන්වන වස්තූන් අතරින් එරටේ පිහිටි ජාතික කලාභවනට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.

අපේ ඉතිහාසය පුරා මුනගැසෙන විවිධ සන්ධිස්ථාන චිත්‍ර කලාව තුළින් පෙන්වා දී ඇති බැවින් ඒවා සංරක්ෂණය කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්වී ඇත.

දැනට ශ්‍රී ලංකාවේ ප්‍රවීනයන් වශයෙන් හඳුනාගත් ශිල්පීන් 40 කගේ පමණ නිර්මාණ මේ වන විට ජාතික කලාභවන තුළ තැන්පත් කර ඇත. ඔවුන්ගේ නිර්මාණ 200 ක් පමණ සංරක්ෂණය කළ යුතු මට්ටමේ පවතී. එක් සිතුවමක් සංරක්ෂණය වෙනුවෙන් විශාල මුදලක් වැය වන අතර මේ සිතුවම් සංරක්ෂණයට අදාල මූලික අඩිතාලම ක්‍රියාත්මක වෙමින් පවතී.

ජාතික කලාභවනේ විස්තර සංරක්ෂණය කිරීම
ජාතික කලාභවනේ විස්තර සංරක්ෂණය කිරීම ජාතික කලාභවනේ විස්තර සංරක්ෂණය කිරීම
අවසන් යාවත්කාලීන කිරීම ( 2013 දෙසැම්බර් 17 වෙනි අඟහරුවාදා, 07:20 )