Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

සැප්තැම්බර් 2017
බ්‍ර සි සෙ
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
ඔබ මෙතනයි : ව්‍යාපෘති කුණ්ඩසාලේ ජාතික කලානිකේතනය

කුණ්ඩසාලේ ජාතික කලානිකේතනය

අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තනය තේමා කර ගනිමින් ශ්‍රී ලාංකික සාහිත්‍ය, කලා ක්ෂේත්‍ර තුළ නියැලී සිටින/ නියැලීමට අපේක්ෂා කරන ප්‍රවීන හා ආධුනික ශිල්පීන්ට

  • අත්හදා බැලීම්,
  • පරීක්ෂණ පැවැත්වීම්,
  • වැඩිදුර අධ්‍යයන කටයුතු කිරීම,
  • දෙස් විදෙස් කලා කෘති පරිහරණය මගින් නව පරපුරේ දැනුම පුළුල් කිරීම
  • ප්‍රාසාංගික හා නව කලා නිර්මාණ බිහි කිරීම සඳහා


භෞතිකමය, තාක්ෂණිකමය හා බුද්ධිමය සම්පත් වලින් පරිපූර්ණ වූ ජාතික හා අන්තර්ජාතික මට්ටමේ සෞන්දර්ය කේන්ද්‍රයක් ඉදි කිරීම අරමුණු කොට ගෙන මහනුවර කුන්ඩසාලේ සෞන්දර්ය කේන්ද්‍රයක් ඉදි කෙරේ.
මෙම සෞන්දර්ය කේන්ද්‍රයතුළ,

  • රඟහල්,
  • පුස්තකාල,
  • සංරක්ෂණාගාර,
  • ශබ්දාගාර,
  • පුහුණුශාලා,
  • පර්යේෂණ නිවාස,
  • නිවාඩු බංගලා වැනි අංගයන් සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදි කිරීමට යෝජිතය.


මෙම කලානිකේතනය සඳහා වූ ප්‍රධාන සැලැස්ම ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය මගින් සකස් කර ඇති අතර, එම ව්‍යාපෘතිය අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කර ඇත. අතිගරු ජනාධිපතිතුමාගේ පළමුවැනි අයවැය යෝජනාවලියෙන් යෝජිත මෙකී ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 465කි.

මහනුවර කුණ්ඩසාලේ නගරය ආසන්නයෙන් තෝරා ගෙන ඇති අක්කර 5ක් පමණ වූ භූමිය එළිපෙහෙළිකර, ඉඩම වටා ආරක්ෂක තාප්පයක් හා ගේට්ටුවක් ඉදි කර කලානිකේතනයට අදාල ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර මේ වන විට පහත ඉදිකිරීම් අවසන් කර ඇත.

  • මාර්ග සෑදීම රැදවුම් බැම්ම හා කාණු ඉදිකිරීම - 1 වන අදියර
  • පොදු වැසිකිළි සංකීර්ණය
  • එළිමහන් රඟහල


කලාශිල්පීන්ගේ නිවාඩු නිකේතනය හා ප්‍රභූ නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතී.

මාර්ග සෑදීම රැදවුම් බැම්ම හා කාණු ඉදිකිරීම - 1 වන අදියර

පොදු වැසිකිළි සංකීර්ණය

මාර්ග සෑදීම රැදවුම් බැම්ම හා කාණු ඉදිකිරීම - 1 වන අදියර පොදු වැසිකිළි සංකීර්ණය

ඉදිකෙරෙමින් පවතින කලාකරුවන්ගේ නිවාඩු නිකේතනය

එළිමහන් රඟහල ඉදිකෙරෙමින් පවතින කලාකරුවන්ගේ නිවාඩු නිකේතනය

ඉදිකෙරෙමින් පවතින  ප්‍රභූන්ගේ  නිවාඩු නිකේතනය

ඉදිකෙරෙමින් පවතින ප්‍රභූන්ගේ නිවාඩු නිකේතනය
අවසන් යාවත්කාලීන කිරීම ( 2015 ජූලි 08 වෙනි බදාදා, 07:09 )