Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

ජූලි 2017
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
ඔබ මෙතනයි : ආයතන සිංහල විශ්වකෝෂ කාර්යාලය

සිංහල විශ්වකෝෂ කාර්යාලය

ආරම්භය හා සැලැස්ම

විශ්වඥානය ස්වභාෂාවෙන් සැපයීමේ අවශ්‍යතාව අනුව අන්‍ය බොහෝ භාෂාවන් හි පවතින අයුරින් ද සිංහලයෙන් ද විශ්වකෝෂයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පිළිගත් ශ්‍රී ලංකා රජය 2500 බුද්ධ ජයන්ති වර්ෂය නිමිති කරගෙන ඇරඹු ව්‍යාපෘතියක් වශයෙන් සිංහල විශ්වකෝෂ ව්‍යාපෘතිය 1955 වර්ෂයේ දී ආරම්භ කරන ලදි.

එහි සමාරම්භක ප්‍රධාන කර්තෘ වූයේ ලංකා විශ්ව විද්‍යාලයේ සිංහල මහාචාර්ය වූ අභාවප්‍රාප්ත ඩී.ඊ. හෙට්ටිආරච්චි මහතාය. 2005 වසර වන විට මෙම ව්‍යාපෘතිය අරඹා පනස් වසරක් වේ.

එහි සමාරම්භක සටහනෙහි සඳහන් පරිදි භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සත්ව විද්‍යාව, උද්භිත විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව, පුරා විද්‍යාව, බටහිර සාහිත්‍යය, ආයුර්වේදය, පෙර අපර දෙදිග ඉතිහාසය, චරිතාපදාන, කලා ශිල්ප, නීතිය, වාණිජ්‍යය ආදී වූ ඉතා විශාල පරාසයක් පුරා විහිදි යන ආකාරයෙන් මෙම කාර්යය ඉෂ්ඨ කිරීමට සැලසුම් විය.

ආරම්භයේ දී වූයේ පිටු 750 කින් යුතු කාණ්ඩ 15 කින් මෙම කාර්යය නිම කිරීමය. එදා මේ කෘතිය සඳහා ආදර්ශ වූයේ ඉංග්‍රීසියෙන් පළ වන එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා (Encyclopedia Britanica) විශ්වකෝෂයයි.

1955 දී එසේ අපේක්ෂිත වූවද කල් යැමේ දී අදාල විෂය ක්ෂේත්‍රයට අමතරව නව විෂය ක්ෂේත්‍රයන් ද අද ඥන සම්භාරයට එකතු වීම නිසා වෙළුම් 15 කින් ඔබ්බට යා යුතු බව පැහැදිලිව පෙණුනි. දැනට වෙළුම් 20 කින් නිම කිරීමට අපේක්ෂිත ය.

මේ වනවිට පළවී ඇති කාණ්ඩ

කාණ්ඩය
මුද්‍රිත වර්ෂය ශීර්ෂ පාඨ ප්‍රධාන කර්තෘ
1 1963
අ-අයිසොප්‍රින් මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි
2 1965
අයිසෝරියාව-ආහාර එම
3 1967
ආහාර ආරක්ෂණයඉන්දු නිම්න ශිෂ්ටාචාරය එම
4 1970
ඉන්දුනීසියාව-උරස් සුචිකාර්යය
එම
5 1974
උරාර්තු-ඖෂධීය ශාක එම
6 1978
ක-කාර්මික විද්‍යාව එම
7 කොටස් වශයෙන් 1988 - 1991
කාර්මික විප්ලවය-කෙවෙල්‍යය ආචාර්ය හරිචන්ද්‍ර විජයතුංග
8 1994
කොංකොඩැට්-ඛමේර් ජනපදය මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස
9 1998
ග-ගුවන් සේවා මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස
10 2001
ගුවන් හමුදාව-චහාර් මහාචාර්ය මැන්දිස් රෝහණදීර
11 2006
චාඕ කුවාං යිං(තායි ද්සු)- ජේදි
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස
12 2012 ජ-ජාත්‍යන්තරය වෙළදාම
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස
13 2014 ජාත්‍යන්තර ශබ්ද ශික්ෂා හෝඩිය - ටර්ක්මෙනිස්ථානය මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස

විශ්වකෝෂ කාර්ය මණ්ඩලය

ප්‍රධාන කර්තෘ

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
කර්තෘවරු
දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර
නියෝජ්‍ය කර්තෘවරු


කේ. ඉන්දිරා පෙරේරා
සහකාර කර්තෘවරු

ජගති චමිලා ඉලේපෙරුම

රන්ජන දේවමිත්‍ර සේනාසිංහ

චමරි ප්‍රියංගා එදිරිසිංහ
අවසන් යාවත්කාලීන කිරීම ( 2016 නොවැම්බර් 01 වෙනි අඟහරුවාදා, 05:09 )