Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

මැයි 2017
බ්‍ර සි සෙ
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
ඔබ මෙතනයි : රාජ්‍ය උපදේශක මණ්ඩල රාජ්‍ය සංගීත උපදේශක මණ්ඩලය

රාජ්‍ය සංගීත උපදේශක මණ්ඩලය

රාජ්‍ය සංගීත උපදේශක මණ්ඩලය පිහිටුවීමේ පරමාර්ථය

මෙහි ප්‍රධානම කාර්ය භාර්ය වන්නේ මෙරට සිංහල සහ දෙමළ  සංගීත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය  උදෙසා කටයුතු කිරීමය. එහිදී ප්‍රශස්ත නිර්මාණ සහ නිර්මාණකරුවන් අගයකරමින් එම නිර්මාණ ජනගත කිරීම හරහා සබුද්ධික සොදුරු ජන සමාජයක් බිහි කිරීම මූලික අභිප්‍රාය වේ. එකී අරමුණු මුදුන්පත් කර ගැනීමේ අරමුණින් ජාතික මට්ටමේ  විවිධ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරේ.

  • රාජ්‍ය සංගීත සම්මාන උළෙල

වාර්ෂිකව නිෂ්පාදනය වන සංගීත නිර්මාණ අතරින් ප්‍රශස්තම නිර්මාණ තෝරා අගය කිරිම සහ ප්‍රායෝගික තරග අංශ යටතේ ද කලාකරුවන්ගේ දක්ෂතා පරීක්ෂා කර සම්මාන පිරිනැමීම ප්‍රමුඛ වේ. එසේ ම කේෂ්ත්‍රයේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් විෂය ක්ෂේත්‍ර 10 යටතේ යාව-ජීව සම්මාන පිරිනමමින් ගරු බුහුමුනට ලක් කිරීම මෙම උළෙලේ තවත් සුවිශේෂී අංශයකි. තව ද  සංගීත ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ හරවත් ලිපිවලින් සමන්විත “සංගීතාංජලී” නමින් ශාස්ත්‍රීය කෘතියක් ප්‍රකාශයට පත් කිරීම මෙම උළෙලට සමගාමීව සිදු කෙරෙන ශාස්ත්‍රීය කර්තව්‍යයකි.

  • සංගීත රසවින්දන වැඩසටහන් පැවැත්වීම

රාජ්‍ය සංගීත කණ්ඩායම සමගින් විවිධ රසවින්දන වැඩසටහන්  දිවයිනපුරා වාර්ෂිකව ක්‍රියාත්මක කෙරේ. ඇතැම් රස වින්දන වැඩසටහන් සදහා ප්‍රවීණ කලාකරුවන්ගේ දායකත්වයද ලබා ගනී. රාජ්‍ය සංගීත කණ්ඩායම සමග දෘශ්‍යාබාධිත ගායන ශිල්පීන් සම්බන්ධ කරගෙන “සඳ නොදුටු සඳ” නමින් පවත්වන  සංගීත වැඩසටහන ද විශේෂයෙන් ජනහදට සමීප තවත් වැඩසටහනකි.

  • රාජ්‍ය සංගීත කණ්ඩායම සම්බන්ධ කරගනිමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල විවිධ ඉල්ලීම් අනුව විවිධ සංගීත වැඩසටහනව් දිවයිනපුරා සිදු කෙරේ.

රාජ්‍ය සංගීත උපදේශක මණ්ඩලය

  • ආචාර්ය දයාරත්න රණතුංග මහතා
  • ආචාර්ය අමරා රණතුංග මිය
  • සුමතිපාල පෙරේරා මහතා
  • කරුණාරත්න විජේවර්ධන මහතා
  • සුනිල් ආර්. ගමගේ මහතා
  • මහාචාර්ය කෝලිතභානු දිසානායක මහතා
  • සමන්ත පෙරේරා මහතා
  • අජිත් දර්ශන ජයවීර මහතා
  • කපිල සූරියආරච්චි මහතා
  • ආනන්ද දාබරේ මහතා
  • ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා
  • ජයන්ත අරවින්ද මහතා
  • නදීක ගුරුගේ මහතා
  • නවරත්න ගමගේ මහතා
  • වනජා සිරිනිවාසන් මිය
  • ඇන්ටන් සුරේන්ද්‍ර මයා
  • සූරියකුමාර මුත්තලගේ මහතා

රාජ්‍ය සංගීත සම්මාන ප්‍රතිඵල ලේඛන

2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙල- ප්‍රතිඵල ලේඛනය

2015 රාජ්‍ය සංගීත සම්මාන උළෙල- ප්‍රතිඵල ලේඛනය

2014 රාජ්‍ය සංගීත සම්මාන උළෙල- ප්‍රතිඵල ලේඛන

2013 රාජ්‍ය සංගීත සම්මාන උළෙල- ප්‍රතිඵල ලේඛනය

අවසන් යාවත්කාලීන කිරීම ( 2016 ජූනි 27 වෙනි සදුදා, 04:57 )