Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

මැයි 2017
බ්‍ර සි සෙ
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
ඔබ මෙතනයි : රාජ්‍ය උපදේශක මණ්ඩල රාජ්‍ය චිත්‍ර හා මූර්ති උපදේශක මණ්ඩලය

රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක මණ්ඩලය

අරමුණ

ශ්‍රී ලාංකේය අනන්‍යතාවයකින්  හෙබි ඇසිදිසි කලාව ප්‍රචාරණය, ප්‍රවර්ධනය හා සංරක්ෂණය       උදෙසා නිර්මාණකරුවන් දිරිමත් කිරිම.

දෘශ්‍ය කලා උපදේශක මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ සටහන්

  1. 1. රාජ්‍ය ළමා චිත්‍ර උළෙල

චිත්‍ර කලාව කෙරෙහි ළමා පරපුර නැඹුරු කිරිම හා උනන්දුවක් ඇතිකිරිම තුළින් නිර්මාණශීලි ළමා පරපුරක් බිහිකිරිම මෙන්ම අනාගතයේ අතිවිශිෂ්ට චිත්‍ර ශිල්පින් ශ්‍රී ලාංකේය කලා කෙතට දායාද කිරීම සඳහා සෑම වසරකම රාජ්‍ය ළමා චිත්‍ර උළෙල පැවැත්වේ.

 

  1. 2. රාජ්‍ය චිත්‍ර මූර්තී උළෙල

දේශීය  අංකුර චිත්‍ර ශිල්පින් ජාතික තලයට ගෙන ඒම, ඔවුන් ඇගයිමට ලක්කිරිම හා ඔවුන්ට ජාත්‍යන්තර තලය විවෘත කරමින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් ගොඩනැගීම රාජ්‍ය චිත්‍ර මූර්ති උළලේ මූලික පරමාර්ථයයි වන අතර සෑම වසරකම මෙම උළෙල පැවැත්වේ.

  1. 3. දෘශ්‍ය කලා සංකථන දේශනය

දෘශ්‍ය කලා සංකථන දේශන පැවැත්වීමේ පරමාර්තය සහ අරමුණු  වන්නේ දැනට ලංකාවේ සැගවී පවතින දෘශ්‍ය කලා විෂය කලා කේෂ්ත්‍රය තුළ  ස්මතුකරවිම, හුදකලාව සිටින දෘශ්‍ය කලා නිර්මාණකරුවන් එක්රොක් කිරිම, ලාංකේය දෘශ්‍ය කලා විෂය පිළිබදව සමාජය තුළ කථිකාවතක් ඇති කිරිම සඳහා නිර්මාණකරුවන් වශයෙන් කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද යන වග සංවාදාත්මකව පෙළගස්වා ගැනීමයි. මෙම සංකථනය ත්‍රෙමාසිකව පැවැත්වේ.

රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක මණ්ඩලය

  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් ගුණසිරි පෙරේරා මහතා
  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආර්. එම්. ධර්මසේන මහතා
  • අනිල් අතපත්තු මහතා
  • අචලා ගුණවර්ධන මහත්මිය
  • බී.එම් අමරදාස මහතා
  • ජයසිරි සේමගේ මහතා
  • රාසදුරෛ සුරේන්ද්‍රන් මහතා
අවසන් යාවත්කාලීන කිරීම ( 2016 මාර්තු 04 වෙනි සිකුරාදා, 07:46 )