Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

ජූලි 2017
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
ඔබ මෙතනයි : රාජ්‍ය උපදේශක මණ්ඩල රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලය

රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලය

"පණස් හයේ පෙරළිය" යනුවෙන් හඳුන්වනු ලබන 1956 වසරේ සිදුවන දේශපාලන, ආර්ථික, සමාජයීය පිබිදීමත් සමඟම ශ්‍රී ලාංකේය සංස්කෘතික ක්ෂේත්‍රයේ පුනර්ජීවයක් ඇතිකිරීමට, යටත් විජිතවාදයෙන් විනාශ වූ ජාතිකත්වය යළි ඉස්මතු කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ස්ථාපිත විය.

ඒ යටතේ නර්තන කලා විෂය ක්ෂේත්‍රය ගම්බද කලායතනයේ සිට විශ්ව විද්‍යාල මට්ටම දක්වා ප්‍රවර්ධන වනු දැකිය හැකිය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව නර්තන ශිල්පී කණ්ඩායමක් ද බිහිකර ඇත. මේ සඳහා ප්‍රවීණ සංගීතවේදී ඩබ්ලිව්.බී. මකුලොළුව, කැප්ටන් දෙල්වල, ආචාර්ය පණීභාරත විද්වතුන් මූලිකත්වය ගෙන ක්‍රියා කළේය.

වර්තමාන උපදේශක මණ්ඩලය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතය.

  • නර්තන කලා විෂය ක්ෂේත්‍රය
  • මුද්‍රා නාට්‍ය කලාව
  • රූකඩ රූපණ කලාව

මෙම අංශ අළලා වාර්ෂිකව පැවැත්වෙන වැඩසටහන් රුසකි.

  • ජාතික නර්තන උළෙල පැවැත්වීම.
  • ලෝක නර්තන දිනය සැමරීම.
  • ජාතික මුද්‍රා නාට්‍ය උළෙල පැවැත්වීම.
  • ලෝක රූකඩ දිනය සැමරීම.
  • ජාතික බෙර වාදන උළෙල පැවැත්වීම.
  • ජන නාට්‍ය, ගැමි නාට්‍ය, වෙස් මුහුණු කලාව පිළිබඳ අධ්‍යයනය, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම.
  • සොකරි හා කෝලම් ජන නාට්‍ය ප්‍රතිස්තාපනය කිරීම වැඩසටහන.
  • ප්‍රවීණ නර්තන හා රූකඩ හා මුද්‍රා නාට්‍ය ආචාර්යවරුන්ගේ සේවය ඇගයීම, සම්මාන පිරිනැමීම.
  • වතුකරයේ සංස්කෘතිය හා බැඳුනු නර්තන ක්ෂේත්‍රය, ජන නාට්‍ය පිළිබඳ වැඩමුළු පැවැත්වීම.
අවසන් යාවත්කාලීන කිරීම ( 2016 මාර්තු 04 වෙනි සිකුරාදා, 07:47 )