Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

මැයි 2017
බ්‍ර සි සෙ
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
ඔබ මෙතනයි : රාජ්‍ය උපදේශක මණ්ඩල රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය

රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට නාට්‍ය කලාව වර්ධනය සඳහා උපදේශක සේවා සැපයීමේ මණ්ඩලයක් ලෙස රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය පිහිටුවා තිබේ.

රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය වාර්ෂිකව දේශීය නාට්‍ය කලාව නගාසිටුවීම සඳහා අවශ්‍ය උපදේශනාත්මක සේවාවන් සැපයීම සිදුකරනු ලබයි

වර්ෂය මුලදී පුවත්පත් මගින් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව ලබාගන්නා අයදුම්පත් අනුව නාට්‍ය උළෙල කිහිපයක්ම සංවිධානය කෙරේ. පළමු වටය , දෙවන වටය හා තෙවන වටය ලෙස පවත්වනු ලබන නාට්‍ය උළෙල ප්‍රවීන විනිශ්චය මණ්ඩලයක ඇගයීමෙන් පසු තෝරාගන්නා ශිල්පී ශිල්පිනියන්ට සම්මාන පිරිනමා ඇගයීමට ලක්කෙරේ.

වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම උත්සව වලට අමතරව නාට්‍ය ක්ෂේත්‍රයේ පුනරුදය සඳහා තෝරාගන්නා ප්‍රදේශ වලදී මේ පිළිබඳව උනන්දුව දක්වන අයට නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ලවා වැඩමුළු පැවැත්වීමෙන් ප්‍රායෝගික දැනුම ලබාදීම සඳහා කටයුතු කරනු ලැබේ.

වාර්ෂිකව තෝරාගනු ලබන නාට්‍ය ශිල්පීන්ට විදේශයන්හි පවත්වනු ලබන නාට්‍ය උත්සව සඳහා සහභාගී වීමට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ලබාදීමට කටයුතු කරනු ලැබේ.

නාට්‍ය උළෙල සඳහා අයදුම්කරුවෙකුට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නාට්‍ය ප්‍රවර්ධන අංශය මගින් නිකුත් කරනු ලබන ව්‍යවස්ථාව හා අයදුම් පත්‍ර ලබාගත යුතු අතර ව්‍යවස්ථාවේ සදහන් කරුණු වලට අනුකූල වන සේ ඉදිරිපත් වීමට බැදී සිටී.

අවසන් යාවත්කාලීන කිරීම ( 2016 මාර්තු 04 වෙනි සිකුරාදා, 07:49 )