Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

සැප්තැම්බර් 2017
බ්‍ර සි සෙ
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
ඔබ මෙතනයි : අප ගැන දැක්ම, මෙහෙවර, අරමුණ

දැක්ම, මෙහෙවර, අරමුණ

දැක්ම

ශ්‍රී ලාංකික ඡනතාව ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය වූ සංවේදී මිනිසුන් බවට පත් කිරීමේ ඒකායන අපේක්ෂාව සපුරාගැනීම් වස්, ශ්‍රී ලාංකික සංස්කෘතිය ගොඩනැගීම.

මෙහෙවර

ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් යුත් සාහිත්‍ය කලා හා සංස්කෘතික කටයුතු සංරක්ෂණය, ප්‍රවර්ධනය, ව්‍යාප්තිකරණය සඳුහා වූ වැඩසටහන් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම.

අරමුණු

  • ශ්‍රී ලංකාවේ සංස්කෘතික කටයුතු කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
  • ශ්‍රී ලංකාවේ සාහිත්‍ය හා කලාව සංරක්ෂණය, ප්‍රවර්ධනය හා ප්‍රචාරණයට අදාළව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  • ශ්‍රී ලාංකික ලේඛකයා හා කලාකරුවා සංස්කෘතියේ සාමාඡිකයන් ලෙස සලකමින්, ඔවුන්ට ආධාර ලබාදීම සහ නිර්මාණකරණය සඳහා අවශ්‍ය සහාය ලබාදීම
  • ශ්‍රී ලාංකික භාෂා සාහිත්‍ය හා ඉතිහාසය, සංස්කෘතියේ පදනම සේ සලකා විශ්වකෝෂ, ශබ්දකෝෂ හා මහාවංශය සම්පාදනය කිරීම හා ලේඛකයන් දිරිගැන්විම උදෙසාවූ පොත්පත් සම්පාදනය කිරීම, පොත් මිලට ගැනීම, අත්පිටපත් තරඟ පැවැත්විම, දුර්ලභ පොත්පත් නැවත මුද්‍රණය කිරීම සඳහා වැඩසටහන් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරිම.
  • ශ්‍රී ලංකාව බහු සංස්කෘතික රටක් සේ සලකා සියලු උප සංස්කෘතීන්ට සාධාරණ ආකාරයෙන් ඔවුන්ගේ කලාව හා කලා ශිල්ප සංරක්ෂණය, ප්‍රවර්ධනය හා ප්‍රචාරණය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ශ්‍රී ලාංකික දෘෂ්‍ය හා අදෘෂ්‍ය සංස්කෘතිකාංගයන්ට පුනර්ජීවනය දෙමින්, ඒවා සමාඡයේ සියලු අංශ කරා කාන්දුවන ආකාරයේ වැඩසටහන් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම තුළින් සාරධර්ම වලින් පිරි සමාඡයක් ගොඩනැඟිම.
අවසන් යාවත්කාලීන කිරීම ( 2012 මාර්තු 06 වෙනි අඟහරුවාදා, 06:13 )