Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

මැයි 2017
බ්‍ර සි සෙ
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
ඔබ මෙතනයි : අප ගැන දෙපාර්තමේන්තුව

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

1956 වසරේ බලයට පත් වූ එස්. ඩබ්ලිව් .ආර් .ඩී. බණ්ඩාරණායක ශ්‍රීමතානන්ගේ ජනතා රජය යටතේ 1956 සැප්තැම්බර් මස 26 දිනැති අංක 10975 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබීය.

ශ්‍රී ලාංකේය අනන්‍යතාවයෙන් යුත් සාහිත්‍ය කලා හා සංස්කෘතික කටයුතු සංරක්ෂණය, ප්‍රවර්ධනය, සහ ව්‍යාප්තිකරණය සඳහා, වැඩසටහන් සම්පාදනය කිරීමෙන්, සහ ක්‍රියාත්මක කිරීමෙන්, සංස්කෘතික ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මෙම දෙපාර්තමේන්තුව සුවිශාල මෙහෙවරක් ඉටුකරනු ලබයි.

ශ්‍රී ලංකා කලාමණ්ඩල‍ය යටතේ පිහිටුවා ඇති ජාතික නාට්‍ය අනුමණ්ඩලය, සාහිත්‍ය අනුමණ්ඩලය, නර්තන හා රූඩක රූපන අනුමණ්ඩලය, සංගීත අනුමණ්ඩලය, චිත්‍ර හා මූර්ති අනුමණ්ඩලය, සමග එක්ව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මේ මහා මෙහෙවරට දායකත්වය සපයයි. ඒ මගින් විවිධ සහජ සංස්කෘතික දක්ෂතාවයන් ඇති නිර්මාණකරුවන් හඳුනාගෙන එම දක්ෂතාවයන් වැඩි දියුණු කිරීමත් , ඇගයීමත් මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අතර කැපී පෙනේ.

දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සිංහල ශබ්දකෝෂ කාර්යාලය, සිංහල විශ්වකෝෂ කාර්යාලය, ජාතික කලාභවන හා ජෝන් ද සිල්වා සමරු රඟහල හා මහාවංශ සම්පාදක කාර්යාලය යන ආයතනද, ජාතික නිදහස් මන්දිරය යන ඓතිහාසික මහා සිහිවටනයද සංස්කෘතික ප්‍රබෝධයක් ඇතිකරලීම සඳහා දෙපාර්තමේන්තු කාර්යයන්ට උර දී ක්‍රියා කරයි.

පාලන, ගිණුම්, කලා, සාහිත්‍ය හා ප්‍රකාශන යනුවෙන් අංශ 04ක් යටතේ දෙපාර්තමේන්තු කටයුතු ක්‍රියාත්මක වේ.

දෙපාර්තමේන්තුවේ කාර්ය භාර්ය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ඉටුකිරීමට සහ අවශ්‍ය සම්බන්ධීකරන කටයුතු සඳහා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකටමත්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකටමත් සංස්කෘතික නිලධාරිවරයෙක් හෝ සංස්කෘතික සංවර්ධන සහකාර නිලධාරිවරයෙක් බැගින් අනුයුක්ත කොට ඇත. මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල කිහිපයකට සංස්කෘතික සහකාර අධ්‍යක්ෂවරුන් පත්කොට ඇති අතර එම නිලධාරීන් හරහා දෙපාර්තමේන්තු කර්ය භාර්ය ග්‍රාමීය ජනතාව දක්වා ව්‍යාප්ත කිරීමට පියවරගෙන ඇත.

අවසන් යාවත්කාලීන කිරීම ( 2012 මාර්තු 06 වෙනි අඟහරුවාදා, 06:16 )