Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

Events Calendar

February 2018
S M T W T F S
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3
You are here : Media News & Events රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල - 2018

රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල - 2018

රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල - 2018

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන 2018  රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල සඳහා අයදුම්පත් භාරගැනීම 2018 ජනවාරි මස 20 වෙනි දින සිට මැයි මස 31 වෙනි දින දක්වා සිදුකෙරේ. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සමඟ චිත්‍ර නිර්මාණයක් නම්  එම නිර්මාණයේ පැහැදිලි ඡායාරූප 02ක්, මූර්ති සහ ස්ථාපන නිර්මාණ නම්  ඉදිරිපසින්, පිටුපසින් සහ දෙපසින් ගත් ඡායාරූප 04ක් සහ පාස්පෝට් ප්‍රමාණයේ ඔබගේ ඡායාරූපයක් ද සමඟ (තරග කොන්දේසි යටතේ අංක10හි සඳහන් පරිදි) එම ඡායාරූප  ඇතුළත් කරන ලද සංයුක්ත තැටියක්  අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාරදිය හැකිය. (ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල - 2018” ලෙස සඳහන් විය යුතුය.) ඔබ විසින් එවනු ලබන නිර්මාණ (සංයුක්ත තැටිවල ඇති)  ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් මල්ටිමීඩියා සම්ප්‍රේක්ෂණ යන්ත්‍ර මගින් මූලික විනිශ්චය කිරීමෙන් අනතුරුව තෝරාගනු ලැබු නිර්මාණ වල මුල් කෘතිය අප විසින් දැනුම් දෙනු ලබන දිනයක් තුළ අදාළ ස්ථානය වෙත ප්‍රදර්ශනයට සුදුසු මට්ටමින් ගෙනවිත් භාරදිය යුතු වේ. තෝරාගනු ලබන සියලුම  නිර්මාණ නැවත සමික්ෂණයකින් පසු ප්‍රදර්ශනයට සුදුසු නිර්මාණ පමණක්  2018 රාජ්‍ය චිත්‍ර මූර්ති උළලේ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන අතර, එම නිර්මාණ සඳහා සහතික පත්‍රයක් සහ ජයග්‍රාහකයන්ට සම්මාන, සහතික සහ ත්‍යාග ප්‍රදානය සිදු කෙරේ.

තරග අංශ

  • Ø චිත්‍ර
  1. ආලේඛ්‍ය
  2. භූමි දර්ශන
  3. නිර්මාණාත්මක සම්පිණ්ඩන (සැ.යු නිර්මාණාත්මක ආලේඛ්‍ය, භූමිදර්ශන ආදිය ද මෙම කාණ්ඩය යටතේ සලකා බලනු ලබයි.)
  4. සාම්ප්‍රදායික චිත්‍ර පිටපත් කිරීම

(සිතුවම් පිටපත් කළ ස්ථානය පිළිබඳව කෙටි විස්තරයක් හා මුල් නිර්මාණයේ ඡායාරූපයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර, මුල්කෘතියේ ප්‍රමාණය නිවැරදිව සටහන් කළ යුතුය.)

  • Ø මූර්ති
  1. ආලේඛ්‍ය
  2. නිර්මාණාත්මක සම්පිණ්ඩන

(සැ.යු නිර්මාණාත්මක ආලේඛ්‍ය ආදියද මෙම කාණ්ඩය යටතේ සලකා බලනු ලබයි.)

  1. සාම්ප්‍රදායික මූර්ති

(මුල් නිර්මාණය පිළිබඳව කෙටි විස්තරයක් හා මුල් නිර්මාණයේ ඡායාරූපයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. )

(ඕනෑම ස්ථිර මාධ්‍යයක් භාවිතා කළ හැකිය.)

  • Ø ස්ථාපන කලා

(ලබාදිය හැකි උපරිම ඉඩ ප්‍රමාණය අඩි 8x8x8 (දිග,පළල,උස) වේ.)

  • Ø රේඛා චිත්‍ර
  • Ø මුද්‍රණ විධි

තර කොන්දේසි

  1. මෙය වයස අවුරුදු 18ට වැඩි විවෘත තරගයකි.
  2. තරගය සඳහා ඉදිරිපත් කළ හැක්කේ 2017 සහ 2018 වර්ෂයේ නිර්මාණ පමණි.
  3. පසුගිය වර්ෂ වල රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල සඳහා ඉදිරිපත් කළ නිර්මාණ මෙම වර්ෂයේ තරගය සඳහා ඉදිරිපත් කළ නොහැකිය.
  4. ඔබ කැමති ඕනෑම මාතෘකාවක් තේමා කරගත හැකිය.
  5. ඔබ කැමති ඕනෑම ස්ථිර මාධ්‍යයක් භාවිතා කළ හැකිය.
  6. එක් තරග අංශයකින් එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ හැකිය.
  7. ස්ථාපන යටතේ ඉදිරිපත් කරන නිර්මාණ වල උපරිම ප්‍රමාණය උස- අඩි 8, පළල- අඩි 8, දිග- අඩි 8ක් විය යුතුය.
  8. අයදුම්පත්‍රයේ තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි බසින් නිවැරදිව පැහැදිලි අකුරින් සඳහන් කළ යුතුය. මෙම තොරතුරු නිවැරදි, පැහැදිලි නොවන්නේ නම් සහ අසම්පූර්ණ අයදුම්පත්‍ර තරගයෙන් ඉවත් කරනු ඇත.
  9. සංයුක්ත තැටියට ඇතුළත් කළ යුත්තේ තරගය සඳහා ඉදිරිපත් කරන නිර්මාණයේ ඡායරූප සහ ඔබගේ ඡායාරූපයක් පමණි.

10.  සංයුක්ත තැටියට ඇතුළත් කරන ඡායාරූප (300dpi resolution)  යන ගුණාත්මක භාවයෙන් යුක්ත විය යුතුය.

11.  සංයුක්ත තැටියේ පිටුපස නම, ලිපිනය, අත්සන සහ දුරකථන අංකය පැහැදිලිව සඳහන් කළ යුතුය.

12.  ඔබ විසින් එවනු ලබන නිර්මාණයේ ඡායාරූප ඇතුළත් සංයුක්ත තැටිය නැවත භාරදෙනු නොලැබේ.

13.  පළමු වටයේදී ඔබ විසින් එවනු ලබන නිර්මාණයේ ඡායාරූප ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් වෙත ඉදිරිපත් කර, තෝරාගන්නා නිර්මාණවල මුල් කෘතිය කැඳවා නැවත සමික්ෂණයකින් පසු ප්‍රදර්ශනය සඳහා ඉදිපත් කරනු ලැබේ. එම නිර්මණ නැවත ඔබ වෙත ලබාදෙනු ඇත.

14.  ප්‍රදර්ශනයෙන් පසු දිනම ප්‍රදර්ශන ශාලාවෙන් ඔබගේ නිර්මාණය ඉවත් කරගත යුතු අතර, ඉවත් කර නොගන්නා නිර්මාණ සඳහා අප දෙපාර්තමේන්තුව වගකියනු නොලැබේ.

15.  නිර්මාණ බාරදීමේදී, නැවත රැගෙන යාමේදී, ප්‍රදර්ශන ශාලාවට රැගෙන යාමේදී සහ නිර්මාණ ප්‍රදර්ශනය සඳහා සකස් කරන අවස්ථාවන්හිදී නිර්මාණකරු පැමිණීම අනිවාර්ය වේ.

16.  විනිශ්චය මණ්ඩලය විසින් ගනු ලබන තීරණ අවසන් තීරණ වේ.

අධ්‍යක්ෂ,

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

08 වන මහල, සෙත්සිරිපාය,

බත්තරමුල්ල

 

විමසීම්:- 0112882551 / 0112872031

වැඩි විස්තර 2018.01.26 දින ගැසට් පත්‍රයෙන්, දිවයිනේ සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංස්කෘතික නිලධාරින් මගින් සහ www.culturaldept.gov.lk වෙබ් පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.

 

 

State Arts and Sculpture Festival – 2018

Applications for the State Arts and Sculpture Festival – 2018 organized by the Ministry of Internal Affairs, Wayamba Development and Cultural Affairs, Department of Cultural Affairs and the State Advisory Board of Visual Arts, are accepted from 20th January to 31st May 2018.In case of a drawing,  a compact disc which contains  02 clear photographs of the drawing and a passport size photograph of the relevant applicant should be sent along with the duly filled application and in case of sculptures and installations, a compact disc which contains 04 photographs i.e. front, back and the two side views of the sculpture/installation and a passport size photograph of the relevant applicant should be sent along with the duly filled application as per the rules and regulations. “State Arts and Sculpture Festival – 2018” should be written on the top left hand corner of the envelope.

Applications along with CDs should be sent by registered post or delivered by hand to Director, Department of Cultural Affairs, 8th Floor, Sethsiripaya, Battaramulla. The creations you have   sent will be preliminary evaluated using a multimedia projector by a proficient Panel of Judges and the applicants so selected will be informed to submit the original creation, suitably prepared for display, to a particular place on a particular date. From these, only the creations suitable for display at State Arts and Sculpture Festival – 2018 will be selected, after a review process and a certificate will be issued. Winners will be presented with awards, certificates and cash prizes.

 

Categories

  • Arts
  1. Portraits
  2. Landscapes
  3. Creative Compositions (N.B. Creative portraits, landscapes etc will also be considered under this)
  4. Copying traditional paintings (brief description on the location of the painting and a photograph of the original painting is compulsory. The size of the original work should be correctly mentioned)

 

  • Sculptures
  1. Portraits
  2. Creative Compositions (N.B. Creative portraits etc will also be considered under this)
  3. Traditional sculptures (brief description  and a photograph of the original work is compulsory)

(You could use any permanent medium)

 

  • Installation Arts

Maximum space of 8’x8’x8’ (height, length, width) could be given

 

  • Line Drawings

 

  • Print Making

Rules and Regulations

  1. The competition is open for any person above 18 years of age.
  2. Only the creations in 2017 and 2018 could be presented.
  3. Creations presented for State Arts & Sculpture Festivals in the previous years cannot be presented.
  4. You could use any topic of your choice.
  5. You could use any permanent medium of your choice.
  1. Each applicant will be entitled to present a single creation under any one category.
  1. In case of installations, the maximum size should be Height- 8 feet, Width- 8 feet, and Length- 8 feet.
  2. The particulars should be clearly and correctly mentioned in handwriting in Sinhala, Tamil or English in your application. Applications with unclear, incorrect or incomplete particulars will be rejected.
  3. The CD should contain only the photographs of the creation and a photograph of the applicant.
  4. The photographs of the CD should be in 300dpi resolution.
  5. Name, Address, Signature and the telephone number should be mentioned clearly on the reverse of the CD.
  6. The CD which contains the photographs of your creation will not be returned.
  7. The photographs of your creation will be evaluated by a proficient Panel of Judges in the first round. Only the creations selected will be brought for a review and then presented for display. Those creations will be returned to you after the Festival.
  8. You should remove your creation from the Exhibition Hall the day after the Festival. The Department will not be responsible for any creation which is not removed on due date.
  9. The owner of the creation should be present compulsorily at the time of taking the creations to the Exhibition Hall, preparing the creations for display, returning the creations after the festival and taking the creations back.

Director,

Department of Cultural Affairs

08th Floor, Sethsiripaya

Battaramulla

Inquiries:- 0112882551/0112872031

Further details could be obtained from the Cultural Officers of the District/Divisional Secretariats throughout the island or through website www.culturaldept.gov.lk

 

 

රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල - 2018

අයදුම් පත්‍රය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සම්පූර්ණ නම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සම්පූර්ණ නම

ඉංග්‍රිසි කැපිටල්

අකුරෙන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මුලකුරු සම නම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දුරක:

ජංගම

 

නිවස

 

 

 

E-mail ලිපිනය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ස්ථීර ලිපිනය

 

 

උපන් දිනය                වර්ෂය                                         මාසය                                          දිනය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ජාතික හැඳුනුම්පත් අංකය

 

 

තරග අංශ ( )

A චිත්‍ර

 


ආලේඛ්‍ය

භූමි දර්ශන

නිර්මාණාත්මක සම්පිණ්ඩන

සාම්ප්‍රදායක චිත්‍ර පිටපත් කිරීම

(සිතුවම් පිටපත් කළ ස්ථානය පිළිබඳව කෙටි විස්තරයක් හා මුල් නිර්මාණයේ ඡායා රූපයක් ඉදිරිපත් කිරීම අනිවාර්යවේ.)

S මූර්ති

 


ආලේඛ්‍ය

නිර්මාණාත්මක සම්පිණ්ඩන

සාම්ප්‍රදායික මූර්ති

(මුල් නිර්මාණය පිළිබඳව කෙටි විස්තරයක් හා මුල් නිර්මාණයේ ඡායා රූපයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ )

 

(ඕනෑම ස්ථිර මාධ්‍යක් භාවිතා කළ හැකිය)

I ස්ථාපන

 

ලබාදිය හැකි උපරිම ඉඩ ප්‍රමාණය අඩි 8x8x8

(දිග,පළල,උස)

P මුද්‍රණ විධි

L රේඛා චිත්‍ර

 

 

නිර්මාණයේ

මාතෘකාව

 

 

 

 

නිර්මාණයේ ප්‍රමාණය      උස(cm) දිග(cm) පළල(cm)

 

ප්‍රදර්ශන කරන ආකාරය ()

මේසයක් මත                                                          බිත්තිය මත එල්ලීම

පොළව මත                                                             වෙනත් (.........................................)

රු:

නිර්මාණයේ වටිනාකම

ඉහත මා විසින් ඉදිරිපත් කර ඇති සියලු තොරතුරු සත්‍ය හා වඩාත් නිවැරදි බවත්, මෙහි ඇතුළත් සියලු කොන්දේසි වලට එක වන බවත් සහතික කරමි.

දිනය:-.................................................                              අත්සන:-............................................