Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

පෙබරවාරි 2018
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3
ඔබ මෙතනයි : මාධ්‍ය පුවත් හා සිදුවීම් 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ස

2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ස

 

2018 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට අදාළ ව 2017 වර්ෂය තුළ ප්‍රකාශිත ග්‍රන්ථ සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විධි විධාන මේ වන විට සම්පාදනය කොට ඇත.

සමීක්ෂණය සඳහා 2017 වර්ෂයේ රාජ්‍ය ලේඛනාගාරයෙහි ප්‍රථම මුද්‍රණය ලෙස ලියාපදිංචි කරන ලද සියලු ග්‍රන්ථ සලකා බලනු ලැබේ. මෙම ග්‍රන්ථ සමීක්ෂණ ක්‍රියාවලිය වඩා විධිමත්ව හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ලේඛක ලේඛිකාවන්ට හා ග්‍රන්ථ ප්‍රකාශක භවතුන්ට සෘජුවම ග්‍රන්ථ භාරදීම සඳහා අවස්ථාව සලසාදීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය තීරණය කොට තිබේ.

ස්වතන්ත්‍ර නවකතා, ස්වතන්ත්‍ර කෙටිකතා, ස්වතන්ත්‍ර පද්‍ය කෘති, ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘති, ස්වතන්ත්‍ර ගීත රචනා සංග්‍රහ, ස්වතන්ත්‍ර නාට්‍ය, ස්වතන්ත්‍ර විද්‍ය ප්‍රබන්ධ, ළමා සාහිත්‍ය කෘති, ශාස්ත්‍රිය හා පර්යේෂණ, පරිවර්තිත නවකතා, පරිවර්තිත කෙටිකතා, පරිවර්තිත පද්‍ය කෘති, පරිවර්තිත නාට්‍ය, පරිවර්තිත ශාස්ත්‍රිය හා පර්යේෂණ, විවිධ විෂයක ග්‍රන්ථ (සමාජ ශාස්ත්‍ර, මානව ශාස්ත්‍ර හා පරිවර්තිත) යන ශීර්ෂ යටතේ ග්‍රන්ථ සමීක්ෂණය සිදු කෙරේ. ඒ අනුව 2017 වර්ෂයේ ජනවාරි මස 01 වන දින සිට එම වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දක්වා වූ කාලය තුළ පළමු වරට මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලද පිටු 48 වඩා වැඩි ග්‍රන්ථ එක් ග්‍රන්ථයකින් මුද්‍රිත පිටපත් දෙක (02) බැගින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත භාරදීමට ලේඛක ලේඛිවන්ට හා ග්‍රන්ථ ප්‍රකාශ කභවතුන්ට අවස්ථාව සලසා තිබේ.

මෙම ග්‍රන්ථ සාහිත්‍ය උත්සව සංවිධාන අංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 08 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනැවිත් භාරදීමට පුළුවන. ග්‍රන්ථ භාරගැනීමේ අවසාන දිනය 2018 පෙබරවාරි 15 වැනිදා ය. මේ සම්බන්ධ අවශ්‍ය තොරතුරු දුරකථන අංක 0112872030, 0112872031 ඇමතීමෙන් ලබා ගත හැක.