Sinhala (Sri Lanka)English (United Kingdom)

நிகழ்ச்சி நாள்காட்டி

ஜனவரி 2018
ஞா தி செ பு வி வெ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
நீங்கள் இங்கே உள்ளீர்கள் : ஊடகம் செய்திகளும் சம்பவங்களும் දොළොස් මහේ පහන 2018

දොළොස් මහේ පහන 2018

දොළොස් මහේ පහන 2018

සංස්තිකෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්ෂේත්‍ර ක්‍රියාකාරී වැඩසටහන් මාලාව

මේ රට පුරා ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන  තෙවන දොළොස්මහේ පහන වැඩසටහන් මාලාවයි. මිලින වන්නට සැරසෙන දේශීය සංස්කෘතියේ ජීවයට හුස්ම පොදක් පිඹින්නට හැකිනම් , එය මෙසේ වත් කරන්නෙමියි අදිටනින්, දිවා රැ එකසේ වෙහෙසෙමින් දුහුවිල්ලත්, වැසිපොදත්,  අව් රශ්මියත්, අඳුරත් නොතකා ඒ සඳහා මහත් වෙහෙසක් ගන්නා සංස්කෘතික නිලධාරීන්ගේ අත්දැකීම්, අත්විඳීම් සහ පළපුරුද්ද මත මෙම යෝජනා මාලාව ඉදිරිපත් කෙරේ.

ශ්‍රී ලංකාව පුරා සංස්කාතියේ පිබිදීම තුලින් නිවුණූ, හැදුණු, පිරුණු සොදුරු ශ්‍රී ලාංකේය මිනිස් පරපුරක් නිර්මාණය කිරීමට වසරක්  පාසා ඉදිරිපත් කෙරෙන මෙම වැඩසටහන් මාලාව යම් තරමකින් හෝ දායක වනු ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

 


 

 

 

දොළොස්මහේ පහන 2018

ජනවාරි මාසය

වැඩසටහන අංක 01  - “සර්ව ආගමික වැඩසටහන"

වැඩසටහන අංක 02 - “ බලමණ්ඩල අරමුදල තර කිරීමේ වැඩසටහන"

පෙබරවාරි මාසය

අන්තර් ප්‍රාදේශීය සංස්කෘතික සංවාදය

මාර්තු මාසය

“පොතක් කියවමු”නිර්මාණශීලීත්වයෙන් යුතු කියවීම් කඳවුරු පැවැත්වීම.

අප්‍රේල් මාසය

“ජන ක්‍රිඩා උළෙල” සිංහල හා දමිළ අළුත් අවුරුදු  වැඩසටහන

මැයි මාසය

“වෙසක්කාඩ් නිර්මාණය”  තෙමගුල සැමරීමේ වැඩසටහන.

“පවුලේ සමගියයි වෙසඟේ අසිරියයි” වැඩසටහන

ජුනි මාසය

“සඳහම් දන්සැල” වැඩසටහන

ජූලි මාසය

“ පුංචි පහේ ළමා සිත්තරු” වැඩසටහන

අගෝස්තු මාසය

“ නිදහසේ අහස ”සරුංගල් වැඩසටහන

සැප්තැම්බර් මාසය

සාහිත්‍ය උත්සවය සමගාමී අළුත්වැස්ස පොත් ප්‍රදර්ශණය

ඔක්තෝම්බර් මාසය

“ගමින් ගමට දැනුම බෙදමු " ග්‍රාමීය පුස්තකාල සඳහා පොත් ලබාදීමේ වැඩසටහන

නොවැම්බර් මාසය

“කලාකරු සුවදම්” දිලිදු  හා වියපත් කලා කරුවන් හා ඔවුන්ගේ අවශ්‍යතා හදුනා ගැනිම.

දෙසැම්බර් මාසය

“ අවුල්හැරය "  කලාකරුවන් සඳහා ජාතික තලයේ වේදිකාවක් තැනීම.

 


 

 

 

2018 ජනවාරි මාසය

සංස්කෘතික බලමණ්ඩල අරමුදල් තරකිරීමේ වැඩසටහන

 

වැඩසටහනේ අරමුණ

සංස්කෘතික බලමණ්ඩල වැඩසටහන මේ වන විට අරමුදල් නොමැති වීම නිසා අකර්මන්‍ය වූ තත්වයේ පවතී. මේ පිළිබදව සලකා බලා අරමුදල් තර කිරීම සදහා වන වැඩසටහනක් ලෙස බලමණ්ඩල කොඩි සතියක් (ස්ටිකර්) ක්‍රියාත්මක කිරීමටත්, එමගින් ලැබෙන ආදායම බලමණ්ඩලයේ අරමුදල් තර කිරීම සදහා මූලික කර ගැනීමටත් මෙම වැඩසටහන මගින් අරමුණු කෙරේ.

වැඩසටහනේ අන්තර්ගත විය යුතු ක්‍රියාකාරකම්

අ. සංස්කෘතික බලමණ්ඩල  අරමුදල් රැස් කිරීමේ සතිය වෙනුවෙන් නිර්මාණය කර ඇති " නිවුණු , හැදුණු, පිරුණු සොදුරු මිනිසුන් පිරි පින් බර දේශයක් එක්ව ගොඩනගමු" වැනි සුදුසු වැකි සඳහන් ස්ටිකර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් අලෙවි කිරීමට කටයුතු කිරීම.

ආ. ස්ටිකර් අලවි කිරීම සදහා විධිමත් වැඩපිළිවෙළක් හා අලෙවි කිරීම සදහා කලාකරුවන් සම්බන්ධ කර ගැනීමෙ ක්‍රමවේදයක් සකස් කර ගැනීම  සිදු කල යුතු ය

ඇ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඔබවෙත ස්ටිකර් ලබාදීමට කටයුතු කෙර්

ඈ. ස්ටිකර් අළෙවිය, වීදි නාට්‍ය  ආදීයෙන් සමන්විත නිර්මාණාත්මක වැඩසටහනක් විය යුතුය.

ඉ.වැඩසටහන අවසානයේ දී, ස්ටිකර් ම්‍රද්‍රණය කිරීමට වැය වූ මුදල දෙපාර්තමේන්තුව වෙත පියවීමට කටයුතු කල යුතු ය.

ඊ. අවසන් වාර්තාව- 2018.02.15 දිනට පෙර දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී වෙත ලැබීමට සැලැස්විය යුතුය

 

2018 ජනවාරි මාසය

“ සර්ව ආගමික වැඩසටහන"

වැඩසටහනේ අරමුණ

ලෝක වාසී සියළු ජනතාව ජනවාරි පළමු වැනිදා සුභ දිනයක් ලෙස සලකනු ලබයි. ඒ නුව ශ්‍රී ලංකා වාසී සිංහල, මුස්ලිම් සහ දමිල ජනතාවට වෙන වෙනම තම ජාතීන්ට අනන්‍ය වූ සංස්කෘතිකාංග පැවතියද, ජනවාරි පළමු වැනිදා  සුවිශේෂ දිනයකි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙම සුවිශේෂී දිනය මුල් කර ගනිමින්,  අන්තර් සංස්කෘතික විවිධත්වය තුලින්  සංහිඳියාව අරමුණු කර ගනිමින්  2018 නව වසරේ උදාව ආගමානුකූලව සැමරීම සහ රටවාසී සියළු ජනතාවට සාමය, සතුට, සෞභාග්‍ය උදාවේවායි!ප්‍රාර්ථනා කිරීම අපේක්ෂා කරයි.

 

වැඩසටහනේ අන්තර්ගත වියයුතු ක්‍රියාකාරකම්

 

  • මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඔබ දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකමක් හෝ පොදු සම්බන්ධතාවයක් ඇති ආගමික ස්ථානයන් තෝරා ගත යුතුය.
  • සියළු ආගම් වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් එක් එක් ආගම් හා සංස්කෘතින් වල විවිධත්වයන්ට අවස්ථාව ලබා දෙමින් ආගමික වතාවත් සහ සංස්කෘතික ක්‍රියාකාරකම් සිදුකරන්න.
  • මෙම වැඩසටහන තුල කිසියම් හෝ ජන කොට්ඨාශයක් අනෙක් ජන කොට්ඨාශය නොසලකා හැරීමට කටයුතු නොවන ආකරයට සංවිධාන කටයුතු කිරීමට වල බලා ගන්න.
  • එක් එක් සංස්කෘතීන් නියෝජනය කරනු ලබන ජන කණ්ඩාම් සහභාගීවීම සහ ආගමික නායකයන් සම්බන්ධ කරගරනීම වඩාත් කාලෝචිකය.
  • ආගමික වැඩසටහන අවසානයේ ඒ ඒ ජන කොට්ඨාශයන්ට අදාල හා අවස්ථාවට ගැලපෙන ආහාර යොදාගනිමින් සංග්‍රහයක් සිදුකිරීම සුදුසුය.

 

v  ඔබ විසින් ක්‍රියාත්මක කරන ලද ඉහත වැඩසටහනට අදාල ජායාරූප සහිත වාර්තාවක් දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි වෙත 2018.02.15ට පෙර ලැබීමට සැලැස්විය යුතුය.

 

 


 

 

 

2018 පෙබරවාරි මාසය

අන්තර් ප්‍රාදේශීය සංස්කෘතික සංවාදය

වැඩසටහනේ අරමුණ -

දේශීය සංස්කෘතිය හා සංස්කෘතික විවිධත්වය අරමුණු කරගත් මාතෘකා යොදා ගනිමින් ග්‍රාමීය වශයෙන් හඳුනාගත් තරුණ හා වැඩිහිටි කථිකයන්ගෙන් සමන්විත කණ්ඩායම් අතර විවාද තරඟයක් සංවිධානය කිරීම තුලින් සංස්කෘතිය හා සංස්කෘතික විවිධත්වය ඇගයීමට සැලැස්වීම හා ඒ මගින් සංස්කෘතිය හා කලාව පිළිබඳව සමාජ කථිකාවතක් ගොඩනැගීමත්, දැනුම සමාජගත කිරීමත් මෙහි අරමුණ වේ.

වැඩසටහනේ අන්තර්ගත වියයුතු ක්‍රියාකාරකම් -

  • මානව නිදහස සඳහා සංස්කෘතිය හා කලාව යන මැයෙන් දහම් පාසල්, පාසල්,සංස්කෘතික මධ්‍යස්ථාන, කලායතනයන් හී දරුවන් ඉලක්ක ගත කණ්ඩායම වේ.
  • ප්‍රාදේශිය මට්ටමින් අවම වශයෙන් කණ්ඩායම් හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කර ගන්න.
  • එක් කණ්ඩායමක් සඳහා සාමාජික සංඛ්‍යාව පස් දෙනකුගෙන් (05) සමන්විත විය යුතු අතර අපක්ෂපාතී සහ සුදුසු විනිශ්චය මණ්ඩලයක් සම්බන්ධ කරගැනීම ඔබ සතු වගකීමකි.
  • ප්‍රාදේශිය මට්ටමින් ශුරතාවය ලබාගන්නා කණ්ඩායම් දිස්ත්‍රික් තරඟය සදහා යොමු කිරීම.
  • මෙම තරග සිංහල හා දමිළ භාෂා මාධ්‍ය දෙකෙන්ම ඒ ඒ ප්‍රදේශයන් අනුව සංවිධානය විය යුතුය.
  • මෙම තරග සංවිධානය කිරීම  සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ඔබ විසින් කල් වේලා ඇතිව ලබාදෙන තොරතුරු මත පදනම්ව සහභාගීවීමේ සහතික පත් හා ජයග්‍රාහී සහතික පත්  ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරේ. (අවශ්‍ය සහතික ප්‍රමාණය 2018.01.31 දිනට පෙර දැනුම් දෙන්න)

 

v  ඔබ විසින් ක්‍රියාත්මක කරන ලද ඉහත වැඩසටහනට අදාල ජායාරූප සහිත වාර්තාවක් දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි වෙත 2018.03.15ට පෙර ලැබීමට සැලැස්විය යුතුය.

 

 


 

 

 

2018  මාර්තු මාසය

“ පොතක් කියවමු ” නිර්මාණශීලීත්වයෙන් යුතු කියවීම් කඳවුර.

වැඩසටහනේ අරමුණ

"කියවීම මිනිසා සම්පූර්ණ කරයි". "ඔබට හොඳ මිතුරෙකු නොමැති නම් පොත් කියවීමට හුරු  වන්න" ආදී වශයෙන් පොත් කියවීම පිළිබඳව සමාජගත වූ විවිධ මතවාදයන් ඇත. මේ වන විට විවිධ තාක්ෂණික මෙවලම් භාවිතයට පැමිණීම නිසා පුස්තකාල සහ පොත් ඇසුරු කරනු ලබන තරුණ පිරිස ක්‍රමයෙන් අඩුවෙමින්  පවතී.

තරුණ පරපුර අතර කියවීමේ කලාව වර්ධනය කිරීමට හේතු වන ආකාරයේ වැඩසටහනක් ප්‍රාදේශීය වශයෙන් සංවිධානය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

වැඩසටහනේ අන්තර්ගත වියයුතු ක්‍රියාකාරකම්

 

  • පොත් කියවීමට පෙළඹවීම මෙම වැඩසටහනේ අරමුණයි.
  • පොත් කියවීමේ වැඩසටහන සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳව ප්‍රාදේශීය පුස්තකාලයාධිපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්ෂේත්‍ර නිලධාරීන් සමඟ සාකච්ඡා කර සැලසුම් කර ගන්න.
  • කියවනු ලබන පොත් ප්‍රමාණය වසර අගදී ඇගයීමට හැකි වන සේ මෙහි ඇමුණුම 2 ලේඛණයේ දක්වා ඇති ආකාරයේ ආකෘතියක් මේ සඳහා සම්බන්ධ වන පාඨකයා හට ලබාදෙන්න.
  • පාඨකයන් හට අවශ්‍ය පොත් ලබාගැනීම සඳහා සුදුසු සම්බන්ධීකරණයන් ගොඩ නගන්න. ආසන්නයේ පුස්තකාලයක් නොමැති නම් ජංගම පුස්තකාල ක්‍රමය හෝ වෙනත් පෞද්ගලික ක්‍රමවේදයන් පිළිබදව දැනුවත් කරන්න.

 

v  ඔබ විසින් ක්‍රියාත්මක කරන ලද ඉහත වැඩසටහනට අදාල ජායාරූප සහිත වාර්තාවක් දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි වෙත 2018.04.15ට පෙර ලැබීමට සැලැස්විය යුතුය.

 

 


 

 

 

2018 අප්‍රේල් මාසය

“ තුන් හෙළයේ ජන සෙල්ලම් - ජන ක්‍රිඩා උළෙල ”

සිංහල හා දමිළ අළුත් අවුරුදු උළෙල

( දේශීය සංස්කෘතික අනන්‍යතාවය පිළිබදව ඉදිරි පරපුර දැනුවත් කිරීමේ වැඩසටහන)

වැඩසටහනේ අරමුණ

සමාජ හේතූන් මත අභාවයට යමින් පවතිනා  සාම්ප්‍රදායික සිරිත් විරිත් ජන ක්‍රීඩා ජන කලා  හදුනාගැනීමත්  ඒ පිළිබඳ ව දැනුම හා අවබෝධය නව පරම්පරාව වෙත  උරුම කර දෙමින් සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කරවීම ට කටයුතු කිරීම.

වැඩසටහනේ අන්තර් ගත විය යුතු ක්‍රියාකාරකම්ප්‍

රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ පූර්ණ දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න. ප්‍රදේශයේ වෙනත් සමිති සමාගම්  (වැඩිහිටි, සුබසාධන, සණස, කාන්තා සමිති, මරණාධාර ආදී) වෙත  එම පණිවිඩය රැගෙන යාමට කටයුතු කිරීම  සහ වැඩසටහනට අවශ්‍ය සක්‍රිය දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන්න.

වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වඩාත් උචිත ගමක් තෝරා ගන්න. එහි ගැමි ගෙදර, කලා අසපුව, සහ ප්‍රදර්ශන කුටි වලින් සමන්විත භූමියක් නිර්මාණය කොට සංස්කෘතික අවුරුදු උළෙලකට ගැළපෙන ආකාරයේ අංග වලින් යුතු පරිසරයක් සකස් කර ගන්න. මේ සඳහා ප්‍රදේශවාසීන් සහ  රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ  සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන්න.

 

  1. ගැමි ගෙදර

සාම්ප්‍රදායික ආකෘතියට සකස් කරගත් ගැමි ගෙදරක් තුළ සිට අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීමට කටයුතු කරන්න.

උදා -  බුලත් දීම, ආහාර පිසීම හා ආහාර අනුභවය ආදී වශයෙන් ...

 

11.  වැඩසටහන අලංකාර කිරීම සඳහා සාම්ප්‍රදායික ජන ක්‍රීඩා සුදුසු පරිදි අන්තර්ගත කරන්න.

උදා-;  ඔන්චිලි වාරම්, පංච කෙළිය, ඔළිද කෙළිය ආදී.....

 

සැ.යු.  මෙම පොදු උපදෙස් මාලාව මත ම පිහිටා ක්‍රියාත්මක වීම අනිවාර්ය නොවන අතර,  වඩාත් සුදුසු පරිදි නිර්මාණශීලී ව කටයුතු කිරීමට නිදහස ඇත.

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී වෙත වාර්තා කල යුතු දිනය - 2018.05.15

 

 


 

 

 

2018 මැයි මාසය

“ සම්බුදු තෙමඟුල”- වෙසක් කාඩ් පත් නිර්මාණය කිරීම

 

වැඩසටහනේ අරමුණ

බෞද්ධ සංස්කෘතිය පාදක කොට ගනිමින් සංවර්ධනය වූ ශ්‍රී ලාංකේය විහාර චිත්‍ර කලාව හා ආබද්ධ නිර්මාණාත්මක භාවය මෙන්ම සම්බුදු තෙමගුල/ බුද්ධ චරිතය සහ ජාතක කතා මුලික කොටගත් චිත්‍ර නිර්මාණයන්ගෙන් යුත් සිතුවම් නිර්මාණශීලීව නිර්මාණය කිරීම මගින් සුපහන් පණිවිඩයක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

 

වැඩසටහනේ අන්තර්ගත වියයුතු ක්‍රියාකාරකම්

  • වසර මුලදී  මෙම වැඩසටහන පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් ජීවත්වන කලාකරුවන් සහ තරුණ තරුණියන් දැනුවත් කිරීමට කටයුතු කරන්න.
  • නිර්මාණ බාරගැනීමට අවසන් දිනයක් යොදා ගන්න.
  • ජයග්‍රාහී වෙසක් කාඩ් පත් මුද්‍රණය කිරීමට හැකි වන සේ  සුදුසු විනිශ්චය මණ්ඩලයක් හරහා තේරීමට ලක් කරන්න.
  • මෙම කාඩ්පත් මුද්‍රණය කිරීම සඳහා සුදුසු අන්‍රග්‍රාහකයෙකුගේ දායකත්වය ලබාගැනීමට කටයුතු කරන්න.
  • මෙම වෙසක් කාඩ්පත් මුදුණය කිරීම හා අලෙවි කිරීම සදහා සංස්කෘතික බලමණ්ඩල දායකත්වය යොදාගැනීම සුදුසුය. (කොන්දේසි ඇතුලත් කර පියවර සටහනක් සකස් කර ගන්න)
  • ප්‍රාදේශිය මට්ටමින් ඉදිරිපත් වන නිර්මාණ පහක් ( 5 ) ක් තෝරා දිස්ත්‍රික් තරගයට යොමු කරන්න.
  • දිස්ත්‍රික් මට්ටමින් ද නිර්මාණ පහක් ( 5 ) ක් තෝරා ජාතික තලයට යොමු කිරීම 2018.12.31 දිනට පෙර සිදු කරන්න.
  • ජාතික තලයේ ජයග්‍රහණ අත්කරගන්නා නිර්මාණ 2019 වසරේ වෙසක් උළෙල සඳහා වෙසක් පත් වශයෙන් මුද්‍රණය කිරීමට කටයුතු කරනු ඇත.

 

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී වෙත වාර්තා කල යුතු දිනය - 2018.06.15

 

 


 

 

මැයි මාසය( වැඩසටහන 02)

“පවුලේ සමගියයි වෙස‍‍ඟේ අසිරියයි” වැඩසටහන

වැඩසටහනේ අරමුණ

වෙසක් සමයේ පවුල් ඒකක අතර සමගිය සහජීවනය වර්ධනය කෙරෙන“පවුලේ සමගියයි වෙස‍ඟේ අසිරියයි” යන තේමාව යටතේ පහන් කූඩු නිර්මාණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පියවර ගත යුතු ය. මෙහිදී පවුලේ සියලු දෙනා එක්ව පහන් කූඩු නිර්මාණය කිරීමට යොමු කිරීම මෙම වැඩසටහනේ මුලික අරමුණ වේ.

 

වැඩසටහනේ අන්තර්ගත විය යුතු ක්‍රියාකාරකම්

v

අ)  මෙම වැඩසටහන ග්‍රාම නිලධාරීන් හරහා දැනුවත් කොට මේ සදහා සහභාගිවීමට අපේක්ෂා කරන පවුල්වලින් අයදුම්පත් ලබා ගන්න.

ආ)  තරගය සදහා ඉදිරිපත් වන පවුල් තම වෙසක් පහන් කුඩුව ප්‍රාදේශීය සංස්කෘතික නිලධාරී විසින් යෝජනා කරන ස්ථානයකට ගෙනවිත් භාරදිය යුතුය.

ඈ)  තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙසක් කලාපයක් හෝ පහන් කූඩු ප්‍රදර්ශනයක් සිදුකිරීමට සංස්කෘතික නිලධාරී විසින් කටයුතු සම්පාදනය කරගත යුතුය

ඊ)  අදාල වෙසක් කලාපය හෝ කූඩු ප්‍රදර්ශනය වැඩසටහන් නාමයෙන් නම්කල යුතුය. ( පවුලේ සමගියයි. වෙසගේ අසිරියයි)

උ)  සුදුසු නිරීක්ෂණ කණ්ඩායමක් යොදවා ප්‍රදර්ශිත කූඩු වලින් හොඳම කූඩු තුනක් තෝරා ගන්න. ජයග්‍රාහකයින් ඇගයීම සදහා ත්‍යාග ලබාගැනීමේ ක්‍රමවේදයක් ඔබ විසින් සකස්කර ගන්න

 

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී වෙත වාර්තා කල යුතු දිනය - 2018.06.15

සැ.යු. මෙම පොදු උපදෙස් මාලාව මත ම පිහිටා ක්‍රියාත්මක වීම අනිවාර්ය නොවන අතර,  වඩාත් සුදුසු පරිදි ක්‍රියාත්මක වීමට හා නිර්මාණශීලීව කටයුතු කිරීමට නිදහස ඇත.

 

 


 

 

 

2018 ජූනි මාසය

“ සඳහම් දන්සල ”

 

වැඩසටහනේ අරමුණ

සබ්බ දානං ධම්ම දානං ජිනාතී යන සම්බුදු වදනේ පිහිටා ධර්ම දානය මගින් සුපහන් සමාජයක් ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

 

වැඩසටහනේ අන්තර්ගත වියයුතු ක්‍රියාකාරකම්

  • දහම් පොත් බෙදා දීම.
  • ධර්මදේශණා පැවැත්වීම
  • බෞද්ධ  චාරිත්‍ර වාරිත්‍ර  හා වතාවත් පිළිබඳ දැනුවත් කිරිම.


ඉලක්කගත පිරිස

  • දහම්පාසල් දරුවන්
  • ළමා සමාජ
  • යෞවන සමාජ
  • වැඩිහිටි සමිති

 

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී වෙත වාර්තා කල යුතු දිනය - 2018.07.15

සැ.යු. මෙම පොදු උපදෙස් මාලාව මත ම පිහිටා ක්‍රියාත්මක වීම අනිවාර්ය නොවන අතර,  වඩාත් සුදුසු පරිදි ක්‍රියාත්මක වීමට හා නිර්මාණශීලීව කටයුතු කිරීමට නිදහස ඇත.

 

 


 

 

 

2018 ජූලි මාසය

“ පුංචි පහේ - ළමා සිත්තරු”  චිත්‍ර නිර්මාණය කිරීමේ ළමා වැඩසටහන

වැඩසටහනේ අරමුණ

ළමුන්ගේ නිර්මාණ තුළින් ළමා මනස නිවැරදිව කියැවීමට වැඩිහිටි සමාජයට අවස්ථාව සලසාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

වැඩසටහනේ අන්තර්ගත වියයුතු ක්‍රියාකාරකම් -

  • පෙර පාසල් ළමුන් සම්බන්ධ කර ගැනීම.
  • පරිසරයේ සුන්දර ස්ථානයක් හෝ නිදහස් පරිසරයක් නිර්මාණකරණය සදහා තෝරා ගන්න.
  • එහිදි ළමයා කැමති අදහසක් චිත්‍රයට නැගීමට අවස්ථාව ලබා දෙන්න.
  • වැඩසටහන අවසානයේ ඉදිරිපත් කර ඇති ළමා චිත්‍ර පිළිබදව කථිකාවතක් වැඩිහිටියන් සමඟ ඇති කිරීම.
  • ළමුන්ගේ ත්‍යාග සහ සංග්‍රහ සදහා අනුග්‍රාහක ආයතන දායකත්වය ලබාගන්න.
  • ජයග්‍රාහකයන් රාජ්‍ය ළමා චිත්‍ර තරඟාවලිය සඳහා යොමු කරන්න
  • ජයග්‍රාහකයින් සදහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සහතික පත් නිකුත්කෙරේ.

 

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී වෙත වාර්තා කල යුතු දිනය - 2018.08.15

 

 


 

 

 

2018 අගෝස්තු මාසය

“ නිදහසේ අහස ” ජාතික සරුංගල් සැණකෙළිය

වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජිත කාලසීමාව - 2018  අගෝස්තු මාසයේ තුන් වන සතිය                                                         ( මෙම වැඩසටහනේ ජාතික වැඩසටහන කළුතර කැලිඩො වෙරළ තීරයේ දී පැවැත්වේ)

වැඩසටහනේ අරමුණ

ළමයා තුල නිදහස, පවුලේ අන්තර් සම්බන්ධතාව, දෙමාපිය බැදීම ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

වැඩසටහනේ අන්තර්ගත විය යුතු ක්‍රියාකාරකම්

බාල තරුණ වැඩිහිටි සියලුදෙනාට මේ සදහා සහභාගීවීමට අවස්ථාව ඇත

කුඩා දරුවන්ට දෙමාපියන් සමග එක්ව නිදහසේ සරුංගල් නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දෙන්න.

නිර්මාණාත්මක සරුංගල් සැකසීමට මුලිකත්වය ලබාදෙමින් සරුංගල් සැනකෙළියක් පැවැත්වීමට කටයුතු කරන්න

මේ සදහා සුදුසු ස්ථානයක් තොරා ගැනීමට කටයුතු කරන්න.

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී වෙත වාර්තා කල යුතු දිනය - 2018.09.15

 

 


 

 

2018 සැප්තැම්බර් මාසය

“ අළුත් වැස්ස ” පොත් ප්‍රදර්ශණය

 

වැඩසටහනේ අරමුණ

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත ග්‍රන්ථ ජනගත කිරීම හා නවක ලේඛකයින් බිහිකිරීම උදෙසා මෙම වැඩසටහන සංවිධානය කෙරේ.

මේ වන විට අළුත් වැස්ස නමින් වූ පොත් අලෙවි වැඩසටහනක් සංස්කෘතික නිලධාරීන්ගේ සහ සංස්කෘතික බලමණ්ඩල මැදිහත්වීම යටතේ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් ක්‍රියාත්මක වේ. මෙය මසකට වරක් බදාදා දිකක පැවැත්වෙන අතර එහිදී අංකුර ලේඛකයන් හා ප්‍රවීන ලේකකයන් තමන්ගේ පොත් අලෙවි කිරීමේ කටයුතු සිදු කරයි.

ප්‍රාදේශිය වශයෙන් හුදකලාව ලේඛනයේ නියැලෙන අංකුර ලේඛකයන් දිරි ගැන්වීම අරමුණු කර ගනිමින් සතියක් පුරා අලුත් වැස්ස පොත් ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.

මෙමගින් ජාතික තරඟ සඳහා නවක ලේඛකයන් යොමුකිරීම  අපේක්ෂා කෙරේ.

වැඩසටහනේ අන්තර්ගත වියයුතු ක්‍රියාකාරකම්

  • මෙම වැඩසටහන දින කීපයක් පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම සුදුසුය.
  • පොත් අලෙවි කුටි, ප්‍රදර්ශන කුටි සහ දැනුවත්කිරීමේ වැඩසටහන් ඇතුලත් වැඩසටහනක් සංවිධානය කරන්නේ නම් මැනවි.
  • ප්‍රාදේශීය ලේඛක සංවිධානය, සංස්කෘතික බල මණ්ඩලය සහ ප්‍රාදේශීය පොත් අලෙවි කරුවන් හා එක්ව මෙම වැඩසටහන සංවිධානය කිරීම උචිතය.
  • සෑම දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකම පැවැත්වෙන සාහිත්‍ය උත්සවයන්ට සමගාමීව වැඩසටහන සංවිධානය කරගත හැකිය.
  • මෙහිදී දෙපාර්තමේන්තු ප්‍රකාශන ප්‍රදර්ශනය කිරිම හා අළෙවි කිරිම සදහා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශය හා සම්බන්ධව අදාල කටයුතු සම්බන්ධීකරණය කරගත හැක.
  • අළුත්වැස්ස නමින් පොත් ප්‍රදර්ශණය  පැවැත්වීමට කටයුතු සැලැස්විය යුතුය.

 

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී වෙත වාර්තා කල යුතු දිනය - 2018.10.15

 

 


 

 

2018 ඔක්තෝම්බර් මාසය

“ ගමින් ගමට - දැනුම බෙදමු "

ග්‍රාමීය පුස්තකාල සඳහා පොත් ලබාදීම

 

වැඩසටහනේ අරමුණ

"කියවීම මිනිසා සම්පූර්ණ කරයි" යන වැකිය යථාර්තයක් කිරීම අපගේ  මුඛ්‍ය පරමාර්ථයකි. එබැවින් සෑම දිස්ත්‍රික්කයක් තුළම ග්‍රාමිය මට්ටමින් පිහිටුවා ඇති පුස්තකාල සංවර්ධනය කර නගාසිටුවීම මෙම වැඩසටහනේ අරමුණවේ.

වැඩසටහනේ අන්තර්ගත වියයුතු ක්‍රියාකාරකම්

  • සැම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයක්තුලම ග්‍රාමීය මට්ටමින් පවත්වාගෙන යනු ලබන අඩු පහසුකම් සහිත පුස්තකාලයක් හෝ පාසැල් මට්ටමේ පුස්තකාලයක් හදුනාගැනිම.
  • එම පුස්තකාල සඳහා අත්‍යාවශ්‍ය පොත් හදුනා ගැනිම.
  • සමාජ ජාල හා විවිධ දැනුවත් කිරීම් මගින් පොත් පරිත්‍යාගශීලීන්ගෙන් පොත් රැස් කිරීමට කටයුතු කිරීම.
  • සේවා පියස වැනි සමාන්තර ආයතන හා සම්බන්ධීකරණය වෙමින් ඔවුන් හා එක්වඑම පුස්තකාල සංවර්ධනය කර නගාසිටුවීමට පියවර ගැනීම.

 

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී වෙත වාර්තා කල යුතු දිනය - 2018.11.15

 

 


 

 

2018 නොවැම්බර් මාසය

“ කලාකරු සුවදම්”

දිළිඳු  හා වියපත් කලා කරුවන් බැහැදැකීමේ පාද චාරිකාව


වැඩසටහනේ අරමුණ

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වසරක් පාසා අගහිඟ කලාකරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. වසරක දී කලාකරුවන්ගේ විවිධ අවශ්‍යතා සහ සුභසාධනය වෙනුවෙන් සංස්කතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වැය කරනු ලබන මුදල රුපියල් මිලියන සියය (100) ඉක්මවයි.

ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටින ඔවුන් හා දොඩමළුව ඔවුන්ගේ අවශ්‍යතා හදුනා ගැනිම සහ සුවදුක් විමසා සමාජය වෙනුවෙන් කළ උදාර මෙහෙය ඇගයීම සඳහා රාජ්‍ය මැදිහත් වීම “කලාකරු සුවදම්” යන මෙම වැඩසටහනේ අරමුණයි.

වැඩසටහනේ අන්තර්ගත වියයුතු ක්‍රියාකාරකම්

  • කලාකරු සුවදම් වැඩසටහන සදහා අවශ්‍ය ප්‍රතිපාදන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තව මගින් ලබාදෙනු ලැබේ
  • මෙම කාර්යය සඳහා යාමේ දී විවිධ අංශයන් නියෝජනය කරනු ලබන සුදුසු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගනිමින් කණ්ඩායමක් සේ කටයුතු කිරීම වඩතේ යෝග්‍ය වේ.

.දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී වෙත වාර්තා කල යුතු දිනය - 2018.12.15

 


 

 

2018 දෙසැම්බර් මාසය

“ අවුල්හැරය "  කලාකරුවන් සදහා ජාතික තලයේ වේදිකාවක් තැනීම.

 

වැඩසටහනේ අරමුණ

ජාතික තලයේ වේදිකාවක් මත කලායතනනිර්මාණ එලිදැක්වීමටඅවස්ථාව සැලසීම මෙම වැඩසටහනේ අරමුණ වේ

 

වැඩසටහනේ අන්තර්ගත වියයුතු ක්‍රියාකාරකම්

  • කලායතනයන්හි විශිෂ්ට නිර්මාණ තොරාගැනිම සිදුවේ.
  • එසේ තෝරාගත් නිර්මාණාදියෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් කලා ප්‍රසංග පැවැත්වීම.
  • මේ සඳහා විවිධ අනුග්‍රහක ආයතන හඳුනා ගනිමින් සම්බන්ධ කර ගැනීම වඩාත් උචිතය.
  • කොට්ඨාශ මට්ටමින් තෝරාගත් සුවිශේෂී නිර්මාණ මගින් දිස්ත්‍රික් කලා ප්‍රසංගයක් පැවැත්වීම.

 

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී වෙත වාර්තා කල යුතු දිනය - 2018.12.31

 

 


 

 

ඇමුණුම 01

මාසික වැඩසටහන් ප්‍රගතිය( දිස්ත්‍රික් නිලධාරී වෙත ඉදිරිපත් කරන්න)

වැඩසටහනේ නම

 

 

ක්‍රියාත්මක කරන ලද දිනය

 

වැඩසටහන ක්‍රියාත්මක කරන ලද ආකාරය

( ඡායාරූප ඇත්නම් ඊමේල් මගින් යොමුකරන්න. තොරතුරු සාරංශ කර දක්වන්න)

 

 

 

වැය විස්තරය

දෙපාර්තමේන්තු දායකත්වය

අනුග්‍රහ දායකත්වය

වියදම් කළ මුදල

 

 

 

 

 

සහභාගී වූ සම්පත් දායකයන්ගේ නම්

 

 

 

වැඩසටහන සඳහා සහභාගී වූ සංඛ්‍යාව

 

 

ප්‍රාදේශීය සංස්කෘතික නිලධාරී නම -................................................................

අත්සන ...........................................................

 

 

...............................................

ප්‍රාදේශීය ලේකම් අත්සන

නිල මුද්‍රාව                                                                        දිනය............................

 

 

 


 

 

ඇමුණුම 2

“ පොත් කියවමු ” නිර්මාණශීලීත්වයෙන් යුතු කියවීම් කඳවුර

කියවීම් ලේඛණය

දිස්ත්‍රික්කය

 

ප්‍රා.ලේ. කාර්යාලය

 

පාඨකයාගේ නම

 

 

දිනය

කියවන ලද පොතේ නම

කතෘගේ /පරිවර්තකගේ නම

අන්තර්ගතය                                                    ( වචන 50 කට සාරංශ කරන්න)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉහත තොරතුරු සත්‍ය හා නිවැරදි බව ප්‍රකාශ කරමි.

 

.............................................

නම .............................................                                                                                         පාඨක අත්සන

දිනය  .............................................