Sinhala (Sri Lanka)English (United Kingdom)

நிகழ்ச்சி நாள்காட்டி

ஜனவரி 2018
ஞா தி செ பு வி வெ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
நீங்கள் இங்கே உள்ளீர்கள் : ஊடகம் செய்திகளும் சம்பவங்களும் ලේඛකාධාර ව්‍යාපෘතිය

ලේඛකාධාර ව්‍යාපෘතිය

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.

ලේඛකාධාර ව්‍යාපෘතිය යටතේ පොත් මිළට ගැනීම.

 

නවක ලේඛකයන් දිරිගැන්වීමේ අරමුණින් යුතුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් විෂයයන්ට අදාළව රචනා වී ඇති පොත් මිළයට ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.

 

01.  අදාළ විෂයයන් -:

I.             නිර්මාණ සාහිත්‍ය ළමා සාහිත්‍ය හා විචාර කෘති      II.     චිත්‍ර කලාව

III.           නර්තන ශිල්පය                                                  IV.   ජන මාධ්‍ය / සංනිවේදන

V.           සංගීතය                                                             VI.   අධ්‍යාපන විෂයානුබද්ධ පොත්

VII.         ආගමික                                                             VIII.  ශාස්ත්‍රීය පර්යේෂණ, ජනශ්‍රැති                                                                                                                                හා විවිධ විෂය

 

02.  වසරකට වරක් අදාළ වසර සඳහා වෙන් වී ඇති ප්‍රතිපාදන අනුව පොත් මිලයට ගැනීම සිදු කෙරේ.

 

03.   අදාළ අයදුම්පත හා විස්තර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සාහිත්‍ය හා ප්‍රකාශන අංශයෙන්/ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය/ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.culturaldept.gov.lk මගින් ලබා ගත හැකිය. වැඩි විස්තර 011 - 2882667 විමසන්න.

 

04.   මේ සඳහා වන අයදුම්පත හා අදාළ ග්‍රන්ථයේ පිටපත සමඟ 2018 පෙබරවාරි 15 වන දිනට පෙර අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සාහිත්‍ය ප්‍රකාශන අංශය, 8 වන මහළ, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය. තැපෑලේදී සිදුවන ප්‍රමාදවීම් හා අස්ථාන ගත වීම් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව වගකීමක් නොදරන අතර ඉහත ලිපිනයට ගෙනවිත් භාර දීමටද හැකිය.

 

05.   ග්‍රන්ථ තෝරා ගැනීමේ දී පහත නිර්ණායක සලකා බලනු ලැබේ.

 

5. 1.  මෙම ව්‍යාපෘතිය යටතේ මිළදී ගනු ලබන්නේ 2017 වර්ෂයේ ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ පමණි.

 

5.2.   අදාළ කතුවරයාගේ කුළුදුල් නිර්මාණයන්ට ප්‍රමුඛතාවය ලබාදෙන අතර නොඑසේ  නම් ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණය විය යුතුය.

 

5.3.   කතෘ ප්‍රකාශනයක් විම.

 

5.4.   මුද්‍රණ දෝෂ රහිතව උසස් නිමාවකින් යුක්ත වීම මෙන්ම, අවම වශයෙන් GSM 70 මුද්‍රණ කඩදාසිය භාවිතා කර තිබීම. ( අධ්‍යාපන  ග්‍රන්ථ සංවර්ධන  උපදේශක මණ්ඩලයේ හා පුස්තකාල සේවා මණ්ඩලය මගින් නිර්දිෂ්ට ප්‍රමිතියෙන් යුක්ත විය යුතුය. එම ප්‍රමිතීන්ට අනුකූල නොවන පොත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.)

 

5.5.   ඉහත අංක 01 හි දැක්වෙන විෂයන්ට අදාළව රචනා කර තිබීම.

 

5.6.   ළමා සාහිත්‍ය කෘතියක් පිටු 10 කට වඩා වැඩිවිය යුතු අතර අනෙකුත් කෘතීන් පිටු 49 කට වඩා වැඩිවිය යුතුය.

 

5.7.   එක් කතෘවරයෙකුට කෘතීන් 02ක් ඉදිරිපත් කල හැකි අතර එක් වර්ෂයක් සඳහා ආධාර ලබා දෙනුයේ එක් ග්‍රන්ථයක් සඳහා පමණි.

 

5.8.   ලිපි සංග්‍රහ, වාර සඟරා, වාර ප්‍රකාශන සඳහා මෙම වැඩපිළිවෙල යටතේ සුදුසුකම් නොලැබේ.

 

5.9.   සම්මත ව්‍යාකරණ නීති රීති සහ අක්ෂර වින්‍යාස අනුගමනය කර තිබීම අවශ්‍ය වන අතර, සංවාද හා ආත්ම භාෂණ අවස්ථාවලදී හැරෙන්නට එම පොත් ලිඛිත භාෂාවෙන් පළ කර තිබීම අවශ්‍ය වේ.

 

5.10. විභාග සඳහා නියමිත ග්‍රන්ථ ( පාඨ ග්‍රන්ථ ) හා ප්‍රශ්නෝත්තර ස්වරූපයෙන් සකස් කර ඇති ග්‍රන්ථ සහ ළමා පෙරහුරු ක්‍රියාකාරකම්  ග්‍රන්ථ සඳහා ආධාර ලබා දීමක් සිදු නොකෙරේ.

 

06.   තෝරාගනු ලබන

 

( අ )    ළමා සාහිත්‍ය කෘති හා කවි පොත් සඳහා රුපියල්  දසදහසක් නොඉක්මවන                                           පිටපත් සංඛ්‍යාවක් ද, (රු. 10,000.00)

 

(ආ ) ඉහත සදහන් අංක ( 01 ) හි සඳහන් විෂයයන්ට අදාල  අනෙකුත් කෘතියකින්                                                   රුපියල් විසිපන්දහසක්‍  නොඉක්මවන පිටපත් සංඛ්‍යාවක්ද මිලදී                                                                           ගැනීමට කටයුතු කෙරේ. (රු. 25,000.00)

 

( මෙහිදී පොත් මිලදී ගනු ලබන්නේ පොතෙහි සඳහන් කර ඇති මිලෙන් 20 % ක වට්ටමකට යටත්වය)

 

07.  මීට අදාළ ආදර්ශ අයදුම්පත පහත සඳහන් වේ.

 

සැ.යු. -   මෙම ග්‍රන්ථ විද්වත් මණ්ඩලයක් වෙත යොමු කර ආධාර ලබා දෙන කෘතීන් තෝරා ගනු ලබන     අතර සමික්ෂණ මණ්ඩලය මඟින් ලබා දෙන තීරණය මත පදනම්ව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ විසින් ලබාදෙන තීරණය අවසන් තීරණය වේ.

 

 

 

අනූෂා ගෝකුළ ප්‍රනාන්දු

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ

 

ලේඛකාධාර ව්‍යාපෘතිය යටතේ පොත් මිළට ගැනීමේ අයදුම්පත

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

 

1              I         පොතේ නම          :-  ..........................................................................................

II        පොතේ මිල          :-  ..........................................................................................

 

2              I         ලේඛකයාගේ නම :-  .........................................................................................

II        ලිපිනය                 :-  .........................................................................................

.........................................................................................

 

3              පොත මුද්‍රණයෙන් නිකුත් වූ වර්ෂය  :- .............................................................................

 

4              විෂය ක්ෂේත්‍රය                 :-  .........................................................................................

 

5              පොත පරිවර්තනයක් නම් එහි මුල් ග්‍රන්ථයේ නම සහ එහි කර්තෘගේ නම :-……………………. ...............................................................................................................................

 

6              කර්තෘ ප්‍රකාශනයක් ද යන වග ( ඒ බව පොතේ සඳහන් විය යුතුය.නොඑසේ නම් දිවුරුම් පෙත්සමකින් ඒ බව සනාථ කළ යුතුය. )    :- ......................................................................

 

7              සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ලේඛකාධාර ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂයේදී මිළයට ගෙන ඇති පොත් ගණන හා ඒවායේ නම් :- ( අදාළ වේ නම් පමණි )

පොතේ නම ලබාදුන් ලේඛකාධාර ප්‍රමාණය

…...................................................                                ………………………………   .......................................................                    ………………………………

 

8              ලේඛකයාගේ දුරකතන අංකය     :-  ............................................................................

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බව ප්‍රකාශ කරමි. අදාළ කෘතියේ පිටපතක් මේ සමග යා කර ඇත.

දිනය     :- ................................       ලේඛකයාගේ අත්සන :- .....................................

 

 

ලිපිනය :- අධ්‍යක්ෂ,  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,  8 වන මහළ,  සෙත්සිරිපාය,  බත්තරමුල්ල.

දු.ක. සාහිත්‍ය හා ප්‍රකාශන අංශය 011 - 2882667

කාර්යාල සටහන

මෙම ලේඛකයාගෙන් මෙම වර්ෂයේදී පොත් ............. මිළදී ගෙන ඇත / කිසිදු පොතක් මිළයට ගෙන නැත.

 

Department of Cultural Affairs

8th Floor, Sethsiripaya, Battaramulla

PURCHASING OF BOOKS UNDER THE AUTHORS’ AID PROJECT

 

The Department of Cultural Affairs implements a program to purchase books written under the following subject areas with a view to encouraging amateur writers.

 

  1. Subject Areas: -

I.     Literary creations, Children’s Literature & Literary

criticism

II.   Art                                               III.   Dancing

IV. Mass Media/Communication

V.   Music                                         VI.    Books on Educational subjects

VII. Religion                                      VIII. Academic Research Works,                                                                                              Folklore and various  subjects

 

 

  1. Books will be purchased once a year as per the provision allocated for the relevant year.
  2. Details together with the application could be obtained from the Literary and Publication Division of the Department of Cultural Affairs through 011-2882667, District Secretariat/ Divisional Secretariat or through the Website of the Department of Cultural Affairs This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it .
  3. Duly filled application together with copy of the relevant book should be sent by registered post to reach the Director, Department of Cultural Affairs, 8th Floor, Sethsiripaya, Battaramulla, or handed over to the above address.

 

  1. Criteria for selection of books

 

5.1 Only the books published during the period from 01st January 2017 to 31st December 2017 will be purchased.

 

5.2 Priority will be given to the author’s maiden work or else should be the first edition.

 

5.3              Should be author publication.

 

5.4              Should be bereft of any printing errors and typographically perfect and should use at least GSM 70 papers in printing. (The book should be of prescribed standards as specified by the Educational Publication Development Advisory Committee and Library Services Board. Books which are not in conformity with the prescribed standards will be rejected.)

 

5.5              Book should be on any of the above subject areas as prescribed in No. 01.

 

5.6              Children’s literature works should be more than 10 pages and for any other works there should be more than 49 pages.

 

5.7              Any one author could submit 02 books. But aid will be granted for a single book only.

 

5.8              Articles, quarterly magazines or quarterly publications will not be entitled to grant aid under this program.

 

5.9              Books should be written in comply with the standard grammatical rules and spellings. Except in discussions and autobiographies, all other books should be in written language.

 

5.10          No aid will be granted to text books for examinations, books on questions and answer nature and those on children’s practical activities.

 

  1. Steps will be taken to purchase

 

(a)                Copies of value not exceeding Rs. 10,000

for children’s literature

 

(b)               Copies of value not exceeding Rs. 25,000 for a book written on any of the above subject areas specified in (01).

 

Please note that the books are purchased subject to a 20% discount of the price of the book.

 

  1. The specimen application is as follows.

 

 

N.B. The books for granting of aid will be evaluated and selected by a proficient Panel of Judges. The decision of the Director of Cultural Affairs, which is based on Panel of Judges, will be the final.

 

 

 

Anusha Gokula Fernando

Director of Cultural Affairs