Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

නොවැම්බර් 2017
බ්‍ර සි සෙ
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2
ඔබ මෙතනයි : මාධ්‍ය පුවත් හා සිදුවීම් “තුන්බිය“ මුද්‍රා නාට්‍යය ජූලි 27 වැනි දින කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී

“තුන්බිය“ මුද්‍රා නාට්‍යය ජූලි 27 වැනි දින කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී

වඩා ගුණාත්මක මුද්‍රා නාට්‍ය නැවත ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට හදුන්වාදීම හා මුද්‍රා නාට්‍යය අනාගත පරපුරට  උරුමකරදීම  ආදී අරමුණු ඇතිව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම, හා සෞන්දර්ය විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි මහතා අධ්‍යක්ෂණය කරනු ලබන “ තුන්බිය“ මුද්‍රා නාට්‍යය   2017 ජූලි 27 වැනි දින ප.ව. 6.30 ට කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුලු මැති ඇමතිවරු රැසක් සහභාගීවීමට නියමිතයි.