Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

ඔක්තෝබර් 2017
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
ඔබ මෙතනයි : මාධ්‍ය පුවත් හා සිදුවීම් 2017 රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල ජූලි 20 වන දින

2017 රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල ජූලි 20 වන දින

චිත්‍ර හා මූර්ති ශිල්පීන් රාජ්‍ය මට්ටමින් අගය කිරීම සඳහා  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය දෘශ්‍ය කලා  උපදේශක මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන 2017 රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල  2017 ජූලි 20 වැනි දින ප.ව. 5.00 ට කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

චිත්‍ර, මූර්ති, ස්ථාපන හා මුද්‍රණ විදි යන ප්‍රධාන අංශ හතර යටතේ මෙවර 2017 රාජ්‍ය චිත්‍ර මූර්ති සම්මාන උළෙල පැවැත්වෙන අතර ඒ සඳහා නිර්මාණ 350 ක් පමණ ලැබී තිබුණි. අවසන් වටයට තේරුණ නිර්මාණ  78 කින් සම්මානලාභීන් තෝරා ගෙන ඇත.

අවසන් වටයට තේරුණ නිර්මාණ ප්‍රදර්ශනය කොළඹ 07 සෞන්දර්ය විශ්විද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී  2017.07.20 වන දින ප.ව. 4.00 ට  විවෘත කරනු  ලබන අතර එය එදින සිට 25 වන දින දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා ප්‍රදර්ශනය කෙරේ.