Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

නොවැම්බර් 2017
බ්‍ර සි සෙ
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2
ඔබ මෙතනයි : මාධ්‍ය පුවත් හා සිදුවීම් 2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා සලකා බැලෙන ග්‍රන්ථ නාම ලේඛනය ප්‍රකාශයට පත් කෙරේ

2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා සලකා බැලෙන ග්‍රන්ථ නාම ලේඛනය ප්‍රකාශයට පත් කෙරේ

රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන, 2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා සලකා බැලෙන සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ග්‍රන්ථ ඇතුළත් ග්‍රන්ථ නාමාවලිය මේ වනවිට දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට යොමුකර ඇත.

2016 වර්ෂයට අදාළව රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි කරන ලද ග්‍රන්ථ මෙන්ම ලේඛක ලේඛිකාවන් හා ග්‍රන්ථ ප්‍රකාශන ආයතන විසින් රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය වෙත ලබාදෙන ලද ග්‍රන්ථ මෙම ලේඛනයට ඇතුළත්ව තිබේ.

යථෝක්ත ග්‍රන්ථ නාමාවලිය 2017 මැයි මස 12 වැනිදා සිට 2017 මැයි මස 25 වැනිදා දක්වා දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේදී පරීක්ෂා කළ හැකිය.

මෙම ග්‍රන්ථ නාමාවලිය www.culturaldept.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද පරීක්ෂා කළ හැකිය.

යථෝක්ත ලේඛනයේ සඳහන් නොවන, එහෙත් 2016 වර්ෂයට අදාළව ප්‍රථම මුද්‍රණය ලෙස ප්‍රකාශිත ග්‍රන්ථ වෙතොත්, එම ග්‍රන්ථ අදාළ ලේඛකයා/ලේඛිකාවගේ කරුණු දැක්වීම් ඇතුළත් ලිපියක් සමඟ, 2017 මැයි මස 25 වැනිදාට පෙර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ගෙනැවිත් බාරදීමට හෝ ලේකම්, රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ පුළුවන.

 

මේ පිළිබඳ වැඩි විස්තර  0112-2872030/ 0112-2872031යන දුරකථන අංක වලින් විමසිය හැකිය.