Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

ජූලි 2017
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
ඔබ මෙතනයි : මාධ්‍ය පුවත් හා සිදුවීම් 2017 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට හා 2018 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල සඳහා නිර්මාණ බාරගැනේ

2017 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට හා 2018 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල සඳහා නිර්මාණ බාරගැනේ

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය එක්ව සංවිධානය කරන ලබන 2017 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල හා  2018 රාජ්‍ය කෙටි නාට්‍ය  උළෙල සඳහා දැන් අයදුම්පත් බාරගනු ලැබේ.

2017 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සිංහල , දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් සීමිත හා විවෘත අංශවලින් පැවැත්වෙන අතර 2018 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පැවැත්වෙයි. මේ සඳහා  නිර්මාණ ඉදිරිපත් කිරීමට කැමති නාට්‍යකරුවන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර  ළමා නාට්‍යයේ හෝ කෙටි නාට්‍යයේ පිටපත් 03 ක් සමඟ ලියාපදිංචි තැපෑලෙන් “නාට්‍ය ප්‍රවර්ධන අංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල , සෙත්සිරිපාය, බත්තරමුල්ල” යන ලිපිනයට එවිය යුතුයි.

2017 රාජ්‍ය  ළමා නාට්‍ය උළෙලේ හා 2018 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේ අයදුම්පත හා ව්‍යවස්ථාව  ඉහත  ලිපිනයෙන් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් www.culturaldept.gov.lk ලබාගත හැකි අතර මීට අමතරව දිවයින පුරා සෑම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල  සංස්කෘතික අංශයෙන් ද ලබාගත හැකිය.

ළමා නාට්‍ය අයදුම්පත් බාරගැනීම 2017 මැයි 31 වැනි  දින අවසන් වන අතර කෙටි නාට්‍ය අයදුම්පත් බාර ගැනීම  ජුනි 30 වැනි දින අවසන් වෙයි..

මේ පිළිබඳව වැඩි විස්තර 011 – 2872385 දුරකථනයෙන් ලබාගත හැකිය.