Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

සැප්තැම්බර් 2017
බ්‍ර සි සෙ
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
ඔබ මෙතනයි : මාධ්‍ය පුවත් හා සිදුවීම් “අරුණලු” පාසල් සංස්කෘතික වැඩසටහන

“අරුණලු” පාසල් සංස්කෘතික වැඩසටහන

පාසල් සිසුන්ගේ නිර්මාණශීලීත්වය, රසවින්දන ශක්තිය වඩාත් වැඩි දියුණු කර නිර්මාණශීලීත්වයෙන් හෙබි අනාගත පරපුරක් බිහිකිරීමේ අරමුණින් පාසල් සිසුන් ඉලක්ක කර “අරුණලු” පාසල් සංස්කෘතික වැඩසටහන දීප ව්‍යාප්තව සංවිධානය කෙරේ. අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන පිපෙන මියුරුසර ගීත නිර්මාණ තරගය, කලාව හා සංස්කෘතික කෙටි වීඩියෝපට තරගය, අපේ ලෝකය ළමා කතා කෘති රචනා තරගය හා හොඳම පාසල් සඟරාව තේරීමේ තරගය යන   අංශ 04ක් යටතේ 2017 වර්ෂයේදී පැවැත්වේ.

දිස්ත්‍රික් මට්ටමින් හා ජාතික මට්ටමින් අදියර 02ක් යටතේ තරග පැවැත්වෙන අතර, දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රහණය කරන ළමුන් සඳහා විශේෂ වැඩමුළුවක් පවත්වා, නිර්මාණකරණය පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකර, ළමුන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමට පියවර ගනු ලැබේ. දිස්ත්‍රික් මට්ටමින් පළමු, දෙවන හා තෙවන ස්ථාන දිනාගන්නා සිසුන් සඳහා ඇගයීම් සිදුකර, විශේෂ දක්ෂතා දක්වන සිසුන් සඳහා කුසලතා සහතිකපත් ලබාදීම සිදුකෙරේ. දිස්ත්‍රික් විසිපහ තුළින් ප්‍රථම ස්ථානය දිනා ගන්නා නිර්මාණ උපයෝගී කරගනිමින් ජාතික තරග පවත්වනු ලැබේ. මේ පිළීබඳ සියලු විස්තර සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සංස්කෘතික නිලධාරීන්ගෙන් හා ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩල සාමාජිකභවතුන්ගෙන් ලබාගත හැකිය. එමෙන්ම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.culturaldept.gov.lk හා arunalupaasala Facebook පිටුව මඟින් තොරතුරු ලබාගත හැකිය.

නිර්මාණ භාරගන්නා අවසාන දිනය - 2017 ජුලි 25 වන අතර වැඩි විස්තර 0112872030/1 දුරකථන මගින් ලබාගතහැකිය.