Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

ජූලි 2017
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
ඔබ මෙතනයි : වෙන්කිරීම් නිදහස් මන්දිරිය වෙන්කිරීම

නිදහස් මන්දිරය වෙන් කිරීම

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

නිදහස් මන්දිරය වෙන් කිරීම

කොන්දේසි මාලාව

  1. සාමාන්‍ය විවාහ මංගල අවස්ථාවල ඡායාරූප ගැනීම් හා රූගත කිරීම් සඳහා,

1.1   නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත

1.2   මනාල යුවලගේ ජාතික හැඳුනුම්පත්වල සත්‍ය පිටපත්

1.3   මංගල ආරාධනා පත්‍රය

ඉදිරිපත් කළ යුතුය.

  1. අවසර පත්‍රය නිකුත් කරනු ලබන්නේ මනාල යුවලගෙන් එක් අයෙකුට හෝ මවට/ පියාට හෝ පමණි.
  2. ගාස්තු අය කිරීම

3.1  සාමාන්‍ය විවාහ මංගල අවස්ථාවල ඡායාරූප ගැනීම් හා රූගත කිරීම් සඳහා,

3.1.1 පැය 03ක කාල සීමාවක් සදහා රු. 1 000ක ගාස්තුවක් අය කරනු ලැබේ.

3.2 වෙනත් විශේෂ රූගත කිරීම් (වෙළද ප්‍රචාරක දැන්වීම්, කෙටි චිත්‍රපට, සිනමා කටයුතු, වාර්තා චිත්‍රපට ආදී ප්‍රාසාංගික වැඩසටහන්) සඳහා,

 

3.2.1          පැය 03ක කාල සීමාවක් සඳහා රු. 5 000ක ගාස්තුවක් ද,

3.2.2          අමතර පැයක් සදහා රු. 1 000ක ගාස්තුවක් බැගින් ද,

අය කරනු ලැබේ.

3.3 විදේශ කටයුතු රූගත කිරීම් සඳහා,

3.2.3              පැය 03ක කාල සීමාවක් සඳහා රු. 10 000ක ගාස්තුවක් අය කරනු ලැබේ.

( සැ. යු. මෙම මිල ගණන් කලින් කලට වෙනස් විය හැක. )


4.පොදු කොන්දේසි

 

4.1  අදාල දිනට දින 07කට පෙර අයදුම් කළ යුතු ය.

4.2  මෙම වෙන් කිරීම් සඳහා අදාල ගාස්තු ගෙවිය යුතු ය.

4.3  අවසර පත්‍ර නිකුත් කරනු ලබන්නේ සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වාත්, ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වාත් පමණි.

4.4  රූගත කිරීම් සඳහා වෙන් කර ඇති කාල සීමාවන් ඔබ වෙත නිකුත් කරනු ලබන අවසර පත්‍රයෙහි දක්වා ඇති අතර, ඒ පිළිබඳ ව සැළකිලිමත් විය යුතු ය.

4.5  මෙම කාර්යය සඳහා අවශ්‍ය විදුලිය නිදහස් මන්දිර පරිශ්‍රයෙන් ලබා ගැනීමට අදහස් කරන්නේ නම්, එම විදුලි බිල ද ඔඛ/ ඔඛ ආයතනය විසින් දැරිය යුතු ය.

 

5.  විශේෂ කොන්දේසි

5.1 ගුවන් ගත කැමරා භාවිතා කරන්නේ නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතු වේ.

5.2 මල් වෙඩි, ගිනිකෙළි භාවිතය සපුරා තහනම් ය.

5.3 තණ පිඩලි මත තාවකාලික කුඩාරම්, ආවරණ ඉදිකිරීම සපුරා තහනම්ය.

5.4 ඔබගේ රූගත කිරීම් පෙ.ව. 6.00  - ප..ව. 6.00 අතර කාලය තුළ අවසන් කළ යුතුය.

සැ. යු. ජාතික වැදගත්කමක් ඇති මෙම ස්ථානයේ සංස්කෘතික වටිනාකම සුරැකෙන පරිදි ඔබගේ කාර්යය නිම කිරීමටත්, එහි ආරක්ෂාව පිළිබඳ වගකීමටත් ඔබ/ ඔබ ආයතනය බැඳී සිටින අතර, යම්කිසි හානියක් සිදු වුවහොත් එම අලාභහානිය ඔබ/ ඔබ ආයතනය විසින් දැරිය යුතු ය.

අනුෂා ගෝකුල ප්‍රනාන්දු

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ

වැඩි විස්තර සඳහා අමතන්න - 0112882592

නිදහස් මන්දිරය වෙන් කිරීම- අයදුම්ප

අවසන් යාවත්කාලීන කිරීම ( 2016 අගෝස්තු 24 වෙනි බදාදා, 04:31 )