Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

මැයි 2017
බ්‍ර සි සෙ
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
ඔබ මෙතනයි : රාජ්‍ය උපදේශක මණ්ඩල රාජ්‍ය රූපවාහිනී කලා උපදේශක මණ්ඩලය

රාජ්‍ය රූපවාහිනී කලා උපදේශක මණ්ඩලය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

දැක්ම ( Vision)

රූපවාහිනී මාධ්‍යයට අදාළ නිර්මාණාත්මක, තාක්ෂණික, කළමනාකරණ, ආයතනික හා ග්‍රාහක යන සියළු පාර්ශව මෙරට සංස්කෘතියේ උන්නතිය සඳහා යොමු කරමින් විශිෂ්ට සමාජයක්  ගොඩනැගීම සඳහා උක්ත මාධ්‍යය නිවැරදිව, සමබරව විශ්වාසනීයව හා නිර්මාණාත්මකව යොමු කරවීම සඳහා මගපෙන්වීම හා පෙළඹවීම.

මෙහෙවර (Mission)

ශ්‍රී ලාංකේය සමාජයේ බහුත්ව ලක්ෂණ  සාධනීය ලෙස පිළිගනිමින් මෙරට රූපවාහිනී මාධ්‍යයේ  ප්‍රමිතීන් ජාත්‍යන්තරව පිළිගත් විශිෂ්ට මට්ටම් වෙත ගෙනයමින් විකාශය කරන සියළු ප්‍රවර්ග වලට අයත් වැඩසටහන්,ප්‍රවෘත්ති,වෙළඳ දැන්වීම් හා ඒවාට අදාල සියළු ප්‍රවර්ධක කාර්යයන්හි ගුණාත්මකභාවය ඉහළ නැන්වීමට දිරිදීම, අධ්‍යාපනය ලබාදීම, ව්‍යාප්තිකරණය, ප්‍රවර්ධනය හා නියාමනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම.

අරමුණු ( Objective)

  • ශ්‍රී ලංකාවේ රූපවාහිනී  මාධ්‍ය භාවිතයේ පවත්නා වර්තමාන ප්‍රභේද  හා ඒවායේ ලක්ෂණ සමාලෝචනය කරමින්, අනාගතයේ වඩා හොඳ මාධ්‍ය භාවිතයක්  සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම හා ඒවා ක්‍රියාවට නැගීම සඳහා ක්‍රියා කිරීම.
  • විශේෂිත දේශීය රූපවාහිනී නිර්මාණ හා ඒවාට පාදක වූ සියලු අනුශාසනික  අංග සංරක්ෂනය සඳහා පියවර ගැනීම.
  • රූපවාහිනී මාධ්‍යයට අදාළ නිර්මාණාත්මක,තාක්ෂණික කළමණාකරණය ආදී ක්ෂේත්‍ර  අදාල පර්යේෂණ කිරීම,විස්තරාත්මක හා විශ්ලේෂණාත්මක ලේඛණ පළ කිරීම හා ඒවාට අනුබල දීම.
  • රූපවාහිනී මාධ්‍යයට සම්බන්ධ සියලු ක්ෂේත්‍ර දිරි ගන්වනු සඳහා තරඟ, අධ්‍යාපනික වැඩසටහන්, සාකච්ඡා, සම්මාන  ප්‍රදානය හා වෙනත් වැඩසටහන් පැවැත්වීම.
  • මාධ්‍යයට අදාළ සියලු පාර්ශව අතර සහයෝගය ඇති කිරීම හා ඔවුන්ගේ සුබසාධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම.

අගයන් ( Values)

  • රූපවාහිනී මාධ්‍ය සංස්කෘතික වාහකයක් ලෙස පිළිගැනීම.
  • දේශීය අනන්‍යතාව හා එහි බහුවිධිතාව පිළිගැනීම.
  • මාධ්‍යයට අදාළ සියලු පාර්ශව අතර අන්‍යෝන්‍ය අවබෝධය මගින් පොදු අරමුණු සඳහා  යොමුවීම.
  • තොරතුරු,විනෝදාස්වාදය, අධ්‍යාපනය හා අභිප්‍රේරණය සඳහා මාධ්‍ය භාවිතය යොමුකරවීම.
  • රූපවාහිනී මාධ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය.

ඉලක්කය (Target)

දේශීය රූපවාහිනී කලාවේ  හා කර්මාන්තයේ විවිධත්වය රැක ගන්නා අතර එය නිර්මාණශීලීව භාවිත කරමින් ජාතික  ඒකාබද්ධතාව ඇතුළු ජාතික අභිලාශයෙන්  මුදුන් පමුණුවා  ගනු සඳහා  සියලුම පාර්ශව වෙත  බලය සැපයීම හා එමඟින් තිරසර මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම සඳහා පසුබිම් ගොඩනැගීම.

වැඩසටහන

උපදේශක මණ්ඩලය මගින්  මාසිකව පවත්නා රැස්වීම් වලදී   ගනු ලබන තීරණ වලට අනුකූලව කෙටි කාලීන හා දිගු කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. කෙටි කාලීනව මාධ්‍යයට අදාළ විවිධ පාර්ශව ඉලක්ක කරගත් මාසික සම්ම්න්ත්‍රණ මාලාවක් දිවයින පුරා පැවැත්වීමට අපේක්ෂා කෙරේ. ඊට අමතරව අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඉලක්කගත කුඩා කණ්ඩායම් සමඟ සාකච්ඡා මාලාවක් පැවැත්වීමට  ද, වාර්ෂිකව රූපවාහිනී සම්මාන උළෙලක්  පවත්වා නිර්මාණකරුවන් දිරි ගැන්වීමට ද අපේක්ෂා කෙරේ. රූපාවාහිනී වැඩසටහන් උසස් ප්‍රමිතියකින් විකාශය කරනු සඳහා අචාර ධර්ම  පද්ධතියක් ඉදිරිපත් කිරීමට ද, රැඟුම් පාලක අඥාපනතට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමට ද අපේක්ෂා කෙරේ.

රූපවාහිනී මාධ්‍යයට පිළිබඳ උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ගේ කුසලතා සංවර්ධනය උදෙසා  සතිඅන්ත රූපවාහිනී මාධ්‍යය ඩිප්ලෝමාවක්  ආරම්භ කිරීමට ද අපේක්ෂා කෙරේ. අවශ්‍යතා පරිදි එහි විශේෂ විෂය ක්ෂේත්‍ර අනුව විශේෂ පාඨමාලා ආරම්භ කිරීමට ද කටයුතු කෙරේ.

රාජ්‍ය රූපවාහිනී උපදේශක මණ්ඩලය

ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා

ආචාර්ය උදිත ගයාශාන් ගුණසේකර මහතා

ආචාර්ය ජයන්ත වත්තේවිදාන මහතා

එම්.ඩී මහින්දපාල මහතා

තුසිත මුනින්ද්‍රදාස මහතා

සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා

අතුල සමරකෝන් මහතා

ස්ටැන්ලි හෙට්ටිආරච්චී මහතා

අරුණ ලොකුලියන මහතා

චන්දිමා නිශ්ශංක මිය

MR. S. VISHWANATHAN

 

 

2016 රූපවාහිනී රාජ්‍ය සම්මාන නාම ලේඛනය

2015 රූපවාහිනී රාජ්‍ය සම්මාන නාමලේඛනය

2014 රූපවාහිනී රාජ්‍ය සම්මාන නාමලේඛනය

2013 රූපවාහිනී රාජ්‍ය සම්මාන නාමලේඛනය

2011/12 රූපවාහිනී රාජ්‍ය සම්මාන නාමලේඛනය

අවසන් යාවත්කාලීන කිරීම ( 2016 නොවැම්බර් 29 වෙනි අඟහරුවාදා, 04:41 )