Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

මැයි 2017
බ්‍ර සි සෙ
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
ඔබ මෙතනයි : ව්‍යාපෘති ජෝන් ද සිල්වා සමරු රඟහල

ජෝන් ද සිල්වා සමරු රඟහල ඉදිකිරීම

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

2012 වසරේ අයවැය සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණය පරිදි කලාකරුවන්ගේ අවශ්‍යතා අනුව ජෝන් ද සිල්වා සමරු රඟහල නවීකරණ කටයුතු සිදුකිරීමට  සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර මේ සඳහා මහා භාණ්ඩාගාරය මගින් මුදල්  ලබා දී ඇත.

ජෝන් ද සිල්වා සමරු රඟහලේ වේදිකාව ඉතා අබලන් තත්ත්වයක පැවති අතර රංගාලෝක පද්ධතිය , ශබ්දවාහිනී පද්ධතිය හා  භා ප්‍රේක්ෂක ආසන ද භාවිතකිරීමට අපහසු තත්ත්වයක පැවතිනි. මෙම රඟහලේ වායුසමීකරණ‍ය කර නොමැති නිසා  වැසි දින වල මෙන්ම අධික උණුසුම් දිනවල දී නාට්‍ය රසවින්දනයට ප්‍රේක්ෂකයන්ට බාධා ඇතිවිය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන නාට්‍ය ශිල්පීන්ගේ හා ප්‍රේක්ෂක ජනතාව‍ගේ  අවශ්‍යතා අනුව අනාගතය සඳහා සුදුසු අන්දමින් නවීන තාක්ෂණයෙන් යුක්තව ජෝන් ද සිල්වා සමරු රඟහල ඉතා ඉක්මනින් නවීකරණය කිරීමටත් , නවීකරණයෙන් පසුව පහසු මිලට කලාකරුවන්ට ජෝන් ද සිල්වා සමරු රඟහල ලබාදීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

මහල් හතරකින් යුත් ජෝන් ද සිල්වා සමරු නැවත ඉදිකිරීමේ කටයුතු 2014  වසරේ නොවැම්බර් 10 දින ආරම්භ කළ අතර  ඒ අනුව ජෝන් ද සමරු රඟහල නවීන තාක්ෂණික උපකරණ හා පහසුකම් සහිතව නවීකරණයකිරීමටත්,  නව කාර්යාල සංකීර්ණයක් , නව ආපන ශාලාවක් හා රථගාලක් අලුතින් ඉදිකිරීමටත් නියමිත ය.

ඒ අනුව ඉදිවන ජෝන් ද සිල්වා රඟහල ආසන 800 කින් සමන්විත වෙයි. ආසන 200 කින් යුත් බැලැක් බොක්ස් රඟහලක්ද, වර්ග අඩි 650 ක දේශන ශාලා දෙකක් ද, වර්ග අඩි 2800 ක පුහුණුවීම් ශාලාවක්, නේපත්‍යාගාර දෙකක්, ඇඳුම් මාරුකිරීමේ  කාමර  දෙකක්,  කලාකරු විවේකාගාරයක්,  නවීන ආපනශාලා සංකීරණයක්, කාර්යාල සහසුකම්, අති නවීන ආලෝකකරණ පද්ධතියක් හා ශබ්දවාහිනී  පද්ධතියක්,  ආදී පහසුකම් වලින්  සමන්විත වෙයි.

 

අවසන් යාවත්කාලීන කිරීම ( 2015 ජූලි 07 වෙනි අඟහරුවාදා, 08:48 )